කොවිඩ් වසංගතය පැතිරිමත් සමග මාස 3 කට අධික කාලයක් නවතා දමා තිබු ඉතාලි පාපන්දු තරඟ හෙට (13) සිට ආරම්භ වන බව ඉතාලි ජාතික පාපන්දු සම්මේලනය පවසයි.
හෙට (13) දිනයේදි ඉතාලි කුසලාන අවසන් පුර්ව පාපන්දු තරඟ පැවැත්වෙන බවත් (20) දා සිට සෙරියේ A අන්තර් සමාජ පාපන්දු තරඟ ආරම්භ කෙරෙන බව ජාතික පාපන්දු සම්මේලනය පැවසීය.
මෙම සියලුම තරඟ සෞඛ්‍ය බලධාරින් දැනුම් දෙනතුරු ප්‍රේක්ෂකයින්ගෙන් තොරව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඉතාලි ජාතික පාපන්දු සම්මේලනය වැඩිදුරටත් පැවසීය.
ඊයේ (11) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 379 ක් වාර්තා වනවිට මරණ 53 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු