මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තදුරටත් ඇද හැලෙන තද සුළං තත්ත්වයක් සමග දැඩි වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට බාධා එල්ල වි ඇත.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්රදේශවලටයි මෙසේ අධික වර්ෂාව පතිත වෙමින් පවතින්නේ.
පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත් , අතුරු මාර්ග වලත් වරින් වර ඝන මිදුම් තත්ත්වයක්ද හටගනි.
පවතින වර්ෂාව සමග ඒ 7 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් , හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින වර්ෂාවත් සමග දිවා කාලයේ සහ රාත්‍රි කාලයේ මධ්‍යම කදුකරය තුළ දැඩි සිතල කාලගුණයක් පවති.
