ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක්
මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ඔම්බුඩ්ස්මන් ධූරයට පත්වී සිටී.
පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන් වෙතින් වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුව තිබේනම් හා ඉන් මහජනයාට අපහසුතාවක් හෝ පීඩාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා විසඳුම් දීම ඔම්බුඩ්ස්මන් කාර්යාලය ස්ථාපනය කිරීමේ පරමාර්ථයයි.
කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.
මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.
නැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපල්මගින් පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පිළිවන.
011-2338073 ෆැක්ස් අංකය හෝ [email protected]විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය.
ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීතිවිරෝධි ක්‍රියා පිළිබද මහජන පැමිණිලි ද තමා වෙත වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

