ගාල්ල ,මඩකලපුව, වන්නි සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ජන්ද පත්‍රිකා මුද්‍රණය අද (12) ආරම්භ කෙරෙන අතර දැනට මුද්‍රණය කටයුතු අවසන් කර ඇති ජන්ද පත්‍රිකා අදාළ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මැතිවරණ කොමසාරිස්වරුන් වෙත හෙට (13) භාරදිමට තිරණය කර ඇති බව මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පවසයි.
මාතලේ ,නුවරඑළිය,මාතර,යාපනය ,අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර, සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවයි ගංගානි මහත්මිය වැඩිදුරටත් පවසයි.
