saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9049 hours ago

LATEST

මුල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවිමට මහබැංකුවෙන් කමිටුවක්

calendar_today 2020 ජුනි 17 - 16:04 remove_red_eye - 384  

මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන්නා වූ අක්‍රමිකතාවයන් සහ නීතිවිරෝධී ක්‍රියාවන් සොයාබලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 237ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

Read More

රුවන්වැලි චෛත්‍ය රාජයාණන්වහන්සේට පළදා තිබු වසර අසුවකට වඩා පැරණි චුඩා මාණික්‍ය ලබන 20 දා සිට බැතිමතුන් හට වන්දනාමාන කිරිම සදහා අවස්ථාව සලසන බව රුවන්වැලි චෛත්‍යරාමාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසුහ.

Read More

කොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO) වෙරළ තීරය පොදු මහජනතාව වෙනුවෙන් ලබන වසරේ දී විවෘත කිරීම කොළඹ වරාය නගර පෞද්ගලික සමාගම (Port City Colombo pvt/ Ltd) සැලසුම් කර තිබෙන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහිව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකුවට දෙහි කැපුවට රටට හරි යයි කියා සමහරු සිතා සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. පසුගිය දිනවල රටේ ආයෝජකයින්ට ණව දෙන බවට සඳහන් කළත්, ණය පහසුකම් ලබාදී තිබෙන්නේ 50% කට පමණක් බවද එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

අභිරහස් අයුරින් මියගිය ධීවරයකුගේ මල සිරුරක් අද (17 ) දහවල් මාදු ගගේ පාවෙමින් තිබියදි සොයා ගැණුනු බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වී තම කර්මාන්තය කළ යුතු අතර ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා ඉල්ලා සිටි.

Read More

2016 දී සිදුවූ බැඳුම්කර වංචා වලට අදාලව අර්ජුන මහේන්ද්‍ර සහ අජහං පුංචිහෙවට එරෙහිව නිකුත්කළ වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් මේ දිනවල සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිකුත් කල යැයි සඳහන් කරමින් සමාජ්‍ය මාධ්‍ය තුළ හුවමාරු වන ට්විටර් පණිවිඩය අසත්‍ය පණිවිඩයක් බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 26ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතයනය සඳහන් කරයි.

Read More

අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා තබන ලද පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් ප්‍රවාහනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ලංකා පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය ඇතුළු පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයන් රැසක සහභාගීත්වයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

අපේ ආණ්ඩුව ධනවතුන්ට බදු ගසා දුප්පතුන්ගේ බදු අඩු කිරීමට පියවර ගත් බවත් එහෙත් වර්තමාන ආණ්ඩුව පොහොසතුන්ගේ බදු අයින් කොට දුප්පතුන්ට බදු ගසා ඇතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

Read More

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට වේදෝයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය.

Read More

කොවිඩ් වසංගත සමයේදී නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 16) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර අගමැති තනතුරට පත්විමෙන් තෙමසක් ගතවීමට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් දිනකට රුපියල් 1500ක වැටුපක් ලබාදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇ​ත.

Read More

2015 වසරේදී තරුණයෙක් පැහැරගෙන යාමේ සිදුවීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එළැඹෙන ජුලි මස 10 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ ඊයේ පෙ.ව 6 සිට අද අලුයම 5 දක්වා සිදු කළ වැටලිම්වලදි 404 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් තනතුරට පත්කර තිබේ.

Read More

ඊයෙ (16) දිනය අවසන්වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,37,500 දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 34,405 ක් දක්වාත් වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නවසීලන්තයට COVID රහිත තත්ත්වය අහිමි වූයේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණීමෙන් පසු සානුකම්පිත හේතුන් මත නිරෝධායනය සඳහා පිටත්ව යාමට අවසර ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙනි.

Read More

චීනය තුළ අඟහරුවාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 44 ක් වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. ඉන් 33 ක් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ අතර 11 විදේශයන්හි සිට පැමිණි අයයි.

Read More

අවුරුදු 60ක් පමණ වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Read More

දැනට පුද්ගලික බස් රථවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා සාමාන්‍ය බස් රථවල බස් ගාස්තුව අර්ධ සුඛෝපභෝගී බස් රථවල බස් ගාස්තුව මෙන් 1.5 කින් වැඩි කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළ හැකි නම් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කරන ලෙසත් පුද්ගලික බස් රථ අයිතිකරුවන් විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

(LONG READS)පසුගිය දිනෙක ඉතා දුර්ලභ ගණයේ කළු කොටියෙකු මද්දකට හසු වී පසුව ප්‍රතිකාර කිරීමේදී මිය ගියේය. මේ පිළිබඳව සමාජය, පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව රැසක්ම චෝදනා නැඟුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. කඳුකරව වෙසෙන කොටින් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත වැඩසටහනක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මේ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.