රුවන්වැලිසෑ පැරණි චූඩා මාණික්‍ය බැතිමතුන්ගේ ප්‍රදර්ශනයට
රුවන්වැලි චෛත්‍ය රාජයාණන්වහන්සේට පළදා තිබු වසර අසුවකට වඩා පැරණි චුඩා මාණික්‍ය ලබන 20 දා සිට බැතිමතුන් හට වන්දනාමාන කිරිම සදහා අවස්ථාව සලසන බව රුවන්වැලි චෛත්‍යරාමාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පැවසුහ.
රුවන්වැලි මහා සෑ මලුවේ සකස් කල විශේෂ කුටියක මෙම පැරණි චුඩා මාණික්‍ය තැන්පත් කරන අතර ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවති.
මෙම පුණ්‍ය කටයුත්ත සම්බන්ධයෙන් අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිකාරි පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි තව දුරටත් මෙසේද පවසා සිටියහ.
"රුවන්වැලිසෑ රදුන් හට මීට වසර අසුවකට පමණ පෙර, 1940 වර්ෂයේ ජුනි 17 දා පළදවා ඇති මෙම චුඩා මාණික්‍ය එම වසරේම ජුනි 19 වනදා විවෘත කර තිබෙනවා.
රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේට ගිය වසරේ නොවැම්බර් මාසයේ නව චුඩා මාණික්‍යයක් පළදවනු ලැබුවා. ඉන්පසු පැරණි චුඩා මාණික්‍යට මොකද වුණේ, කුමක් කලාද යන ප්රශ්නය බොහෝ දෙනෙක් තුළ පැවතියා. ඒ අවස්ථාවේදී අපි කිව්වා විශේෂ මණ්ඩපයක් සකස් කරලා, ඒ තුල තැන්පත් කරලා, බැතිමතුන් හට වැද පුදා ගැනිමට අවස්ථාව ලබා දෙනවා කියලා. ඒ කටයුතු දැනට සිද්ධ වෙමින් පවතිනවා.
ඒ අනුව 18දා සවස පැරණි චුඩා මාණික්‍ය මහා සෑ මලුවේ ඉදි කළ විශේෂ කුටියක තැන්පත් කිරිමට බලාපොරොත්තු වනවා.
ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියස සිට චුඩා මාණික්‍ය පෙරහැරින් රුවන්වැලි මහා සෑ රදුන් අභියසට වැඩම කීරීමෙන් අනතුරුව ඉදි කර ඇති විශේෂ කුටියේ තැන්පත් කිරිම සිදු වනවා.
අනතුරුව ගිලන් පස, මල් පහන්, පුජා කර දෙවියන්ට පිං දෙමින් අතිතයේ එම චුඩා මාණික්‍ය තැන්පත් කිරිමට දායකවු සියලු දෙනාට පිං අනුමෝදන් කිරිමද මෙහිදී සිදු වෙනවා.
ඒ වෙනුවෙන් 17 වනදා සවස හා 18 වනදා උදේ හා සවස පිරිත් දේශනයක්ද සිදු කෙරේ. ඒ අනුව අද සවස චුඩා මාණික්‍ය චාරිත්‍රානුකූලව තැන්පත් කිරිම සිදු අතර වන 20දා සිට බැතිමතුන් හට වන්දනාමාන කිරිමට අවස්ථාව සලසා දෙනවා.
රටෙහි පවතින තත්ත්වයත් සමග සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැරණි චුඩාමාණික්‍ය වැදපුදා ගැනිමට මේ අනුව අවස්ථාව සැලසෙනවා.
අනුරාධපුර අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි, නව චුඩා මාණික්‍යට දායකත්වය සැපයු 'විශ්ව පාරමි' පදනමේ අනුග්‍රහය ඇතිව එම විශේෂ කුටිය මේ වන විට සකස් කරමින් පවතිනවා. එහි ආරක්ෂිත විධි විධාන හා චුඩා මාණික්‍යට ලැබිය යුතු ගරුත්වය, සම්භාවනියත්වය ඇතිව ඒ කටයුතු සිදු කරනු ලබනවා.
ඒ අනුව (20) වනදා සිට චුඩා මාණික්‍ය දැක, වැද පුදා ගැනිමට බැතිමතුන් හට අවස්ථාව සැලසෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

popular news
-
Samson De Silva Wednesday, 17 June 2020 05:02 PM
Langadi chandayakwath enawada?
Reply : 0 0
Kumar Wednesday, 17 June 2020 09:28 PM
Why are we Buddhist worshiping a piece of quarts. We are suppose to follow the four truths, then "arya ashatngika margaya" then the mind becomes pure as the piece of quarts at the top. There is nothing sacred in the stone at the top. Of course, when it comes to my life I must at the base of the chayithithiya. Everybody ignores meaning of the Chayiththiya.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

