මුල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවිමට මහබැංකුවෙන් කමිටුවක්
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන්නා වූ අක්රමිකතාවයන් සහ නීතිවිරෝධී ක්‍රියාවන් සොයාබලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා ක්‍රියාකරන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්යක්ෂ කේ.ජී.පී. සිරිකුමාර සහ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්යක්ෂ ජේ.පී. ගම්ලත් මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
විශේෂයෙන් මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන ෆිනෑන්ස් සහ ලීසිං ලබාදීමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගණුදෙනු සිදුකිරීමේදී සිදුකරන්නා වූ සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ මේවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයාබලා ගතයුතු ඉදිරි පියවරයන් සහ නිර්දේශයන් ලබාදෙන ලෙස කමිටුවට දන්වා ඇත.
කමිටුවේ වාර්තාව දින 14ක් තුළ ලබාදිය යුතු අතර මහ බැංකුවේ අධිපතිවරයා විසින් කමිටුවට නියෝග කර ඇත්තේ බැංකු ක්ෂේත්රයේ සහ නීති ක්ෂේත්රයේ විශාරදයන් සහ වෘත්තිකයන් සම්බන්ධ කරගෙන මේ වාර්තාව දින 14 ක් තුළ ලබාදෙන ලෙසය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

