පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් මේ දිනවල සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරයි.
සම සහිත කුකුල් මස් සඳහා රුපියල් 430 ක් සහ සම රහිත කුකුල් මස් සදහා රුපියල් 500 ක් ලෙස පාලන මිල නියම කරමින් පසුගියදා ගැසට් පත්රයක් නිකුත් කර තිබිණි.
ගැසට් පත්රයේ සදහන් මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය.
