එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර අගමැති තනතුරට පත්විමෙන් තෙමසක් ගතවීමට පෙර වතු කම්කරුවන් වෙනුවෙන් දිනකට රුපියල් 1500ක වැටුපක් ලබාදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය.
අද (17දා) ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.