තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළ ගොස් ඇත.
“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළ යුත්තේ ආයතන දියුණු කිරීම ඒ සඳහා ආදායම් ජනනය කිරිම කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කිරිම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසේවා ස්ථාන වලින් නිවාඩු ලැබ මේ වන විට මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ විදේශ රැකියා සඳහා නැවත පිටත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කටයුතු කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරෙයි.
Read Moreරටේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටලු හොඳින් අවබෝධ කර ගනිමින්, විශේෂයෙන්ම රාජ්‍ය නායකයා විසින් ස්වකීය ප්‍රතිපත්ති මාලාව තුළ, තරුණ පරපුර රටේ සංවර්ධනයට යොදා ගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව ද සැලකිල්ලට ගනිමින් තරුණ කටයුතු සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
Read More’’මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති.’’
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී චීන ජනපති ෂී ජින්පිං පොරොන්දු වේ.
Read Moreදකුණු පළාත යටතේ ලියාපදංචි කර දැනට කල් පිරි ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සඳහා ලබා දි ඇති සහන කාලය ජුනි මස 30 වන දින දක්වා දිර්ඝ කර ඇති බව දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමන් විසින් නිවේදනය කොට තිබේ.
Read Moreමහ සයුරේ පවතින දැඩි කුණාටු තත්ත්වයක් හා අයහපත් කාලගුණික ස්වභාවය හේතුවෙන් බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගියේ බහුදින යාත්‍රා 100ක් අද (18) වන විට ආපසු හරවා බේරුවල ධීවර වරායට පැමිණි බව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා පැවසීය.
Read Moreසියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
Read Moreඅවසන් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී මියගිය වැසියන්ගේ 11 වැනි ගුණ සැමරුම අද (18) ඉතා චාම්ව මුල්ලිවයික්කාල් සැමරුම් භූමියේදී සංවිධානය කොට තිබුණි.
Read Moreකුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු කේරළ ගංජා පැකට් එකක් හා කසිප්පු බෝතලයක් සමග තිරප්පනය පොලීසිය හා කැකිරාව පොලීසිය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදි ඊයේ (17දා) අත්අඩංගුවට පත්වි තිබේ.
Read Moreදැඩි කැපවීමකින් දිනාගත් සාමය අස්ථාවර කිරීමට කිසිඳු බලවේගයකට රජය ඉඩ නොදෙන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.
Read Moreමධ්‍යම පළාත තුල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාතේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට නායයෑමේ අවදානම් නිවේදනය අද (18) වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ තිබේ.
Read Moreපොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල්කරුවන් වී තොග සගවා තබා ගැනිමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක කරන බවත් ඔවුන් රජයේ පාලන මිලට සහල් වෙළඳ පොළට නිකුත් නොකරන්නේ නම් ඔවුන් සතුව පවතින සියලූ වී තොග රජයට පවරාගෙන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හරහා සහල් බවට පත්කර ලබා දිමේ වැඩපිලිවෙල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ළඟදිම ක‍්‍රියාවට නංවනු ඇතැයි හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreපසුගිය මැයි (4) දා සිට ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කල ඉතාලිය තවත් පියවරක් ඉදිරියට යමින් අද (18) සිට බීමහල් ආපනශාලා රූපලාවන්‍යාගාර හා බාබර් සාප්පු කුඩා වෙළඳ සැල් ආරක්ෂිත පියවර හා ක්‍රමවේදයන් සමග විවෘත කිරිමට අවසර ලබාදෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreතද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.
Read Moreලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රුපියල් 5.00 කින් ඉහළ දමීම අසාධාරණ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි
Read Moreඅන්තර් පළාත් ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 17 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇත.
Read Moreඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ ආසාසදිතයන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ සංඛ්‍යාව 3,029කි.
Read Moreමෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.
Read Moreඩයස් පෝරාවේ අවශ්‍යතාවයට සුහම්දිරම්ලා, ජයම්පතිලා එදා පාර්ලිමේන්තුව විකෘති කර ගන්න හදපු ව්‍යවස්ථා සංශෝධනය වැනි කිසිදු වැඩපිළිවෙළකට මියගිය රණවරුවන්ගේ නාමයෙන් යළි කිසිදා ඉඩක් නොතබන බව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreපසුගිය ආණ්ඩුව සමයේදී අගතියට ලක්කළ විශ්‍රාම ගිය මෙන්ම මෙන්ම සේවයේ නියුක්තව සිටි සියලුම රණවිරුවන්ට යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දෙන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreයුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස් පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය වැසියන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.
Read Moreස්පර්ශ කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ හැකි ස්විච්ඡයක ක්‍රියාකාරී ආකෘතියක් නිර්මාණය කිරීමට මාතර අකුරැස්ස ප්‍රදේශයේ තරුණයකු සමත්වී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා එළඹෙන මැයි 20, 21, 22 යන තෙදින ඇතුළත අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා සිටී.
Read Moreඅඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද (18) වීරකැටිය කොටවාය ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පොලිස් බාරයට ගෙන යළිත් එම මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු ක්‍රියා කළහ.
Read Moreකොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කෙරේ.
Read More