අද (14) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 629 ක් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතරින් වාර්තා වන වැඩිම සංඛ්‍යාව පුනරුත්ථාපනය වන රැඳවියන්වන අතර එම අගය 508කි. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 468 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවත් තවමත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 161ක් බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.