සිංහල ක්‍රමයට අමාත්යාංශධුර දීම ගැන ඇතැම් අය දුක්වෙලා - ආනන්ද හිමි
මෙවර අමාත්‍යාංශ ලබා දීමේ දී සිංහල ක්‍රමයට අමාත්‍යාංශ ලබා දී ඇති නිසා ඉංග්‍රිසි ක්‍රමය නොතිබීම පිළිබඳව ඇතැම් අය දුක්වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
පරිසර ඇමති ලෙස මහින්ද අමරවීර මහතා වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (14දා) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළය..
ඇතැම් අමාත්‍යවරු හමුවීම මහජනතාවට තබා තමන්ට ද අසීරු වු අවස්ථාවන් පැවැති බව කී උන්වහන්සේ දේශපාලඥයින් විනාශ කරන්නේ ජයග්රහණයෙන් පසුව ඔවුන් වටා එක්වන ඇතැම් රහස් කියන පිරිස් විසින් බවද උන්වහන්සේ සඳහන් කළහ.
popular news
-
Sadin bayiya Friday, 14 August 2020 05:07 PM
Parisara amathi - Amaraweera Vanajeevi amathi - C B Rathnayake Ali wata amathi - Wimalaweera dissanayake. Sinhala kramayata, vidyathmaka padanamak athuwa lu amathyansha beduwe.
Reply : 0 0
Champa Friday, 14 August 2020 05:21 PM
මේක නම් සිංහල ක්‍රමය නෙමෙයි හාමුදුරුවනේ. සිංහල ක්‍රමය කිව්වේ පැරණි සිංහල ක්‍රමයට නම්, ඒ ක්‍රමය හුඟක් පැහැදිලි විධිමත් ක්‍රමයක්. මේක තමා ඉංග්‍රීසි ක්‍රමය. ඒකයි කුඩා කුඩා කොටස් වලට කඩලා සියලු දෙනාව බෙදලා තියෙන්නේ. පැරණි සිංහල ක්‍රමයට රුහුණු පිහිටි මායා කියල කොටස් තුනකට බෙදුව පරිපාලනයේ පහසුවට. ඒ තුනටම මායිම් වුනේ දෙපැත්තකින් ගංගාවල් දෙකක් සහ අනිත් පැත්තෙන් මුහුද. බෙදුවේ පළාත් මිසක් මිනිස්සු නෙමෙයි. හැමදේටම පැහැදිලි හේතුවක් තිබුන. මේ විදිහට කුඩා කොටස් වලට බෙදලා තැන් තැන්වල වෙනම කාර්යාල දීල මොන තරම් බොරු වියදමක්ද? අනික ලංකාවේ ඉන්නේ දේශපාලන වශයෙන් නූගත්තු වුනාට, පරිපාලනය ගැන තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු. මේ වගේ කඩලා පෙන්වන්න දෙයක් නැහැ. මෙතන කරලා තියෙන්නේ රාජ්‍ය ඇමතිවරයාගේ කාර්යභාරය අමාත්‍යංශයේ නම විදිහට පාවිච්චි කිරීම. ඒ වුනාට සිංහල භාෂාව දන්නවා නම් ඒ හැම කොටසක්ම තනි වචනයකින් හඳුවන්න පුළුවන්. උදා: වී සහ ධාන්‍ය කියලා තියෙන දිග ලැයිස්තුවට කියන තනි වචනය ආහාර භෝග.
Reply : 0 0
චින්තක Friday, 14 August 2020 06:49 PM
හරිම කණගාටුදායක කථාවක් කරල කියල හිතෙනවා.මොකද 1956 දීන් හාමුදුරුවන් වහන්සේලා සිංහල ක්‍රමයට වැඩකලා.ඉතින් ඉන්පස්සෙ උපන් තරණයන් දහස්ගණනක් අපිට ජාතියට අහිමිවුනා.නමුත් ඔබවහන්සේ දැන් ඔහොම සතුටුවේවි.නමුත් ඔබවහන්සේත් අපිත් නැතිකාලයක අපේ දරුවන්ට මොනවාවේද සිතෙනවිට ඇතිවන්නේ හරිම දුකක් ඔබ වහන්සේ අනුගාමිකත්වය දරණ බුදුහිමියන් වහන්සේ වදාලේ නජච්ජා වසලෝහෝතී නජච්ජාහෝති බ්‍රාහ්මනෝ කියලයි.
Reply : 0 0
Demuni Uduwara Friday, 14 August 2020 08:45 PM
Refrain from this type of ceremonies for which expenses are incurred by state funds in vain.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

