දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මාස 2 ක් තුලදී අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් වලදී සැකකරුවන් එක් ලක්ෂ දහනවදහස් හත්සිය හතලිස් දෙදෙනෙකු ගිනි අවි, තියුණු ආයුධ , මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය ,නීතිවිරෝධී මත්පැන්,වරෙන්තු හා වෙනස් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් ගිනිඅවි 263 අතර මෙරට නිෂ්පාදිත ගිනිඅවි 147ක් වන බවත් කඩු 14 ,පිහි 11, සජීවී පතොරම් 1894, පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 380 ,ඩෙටනේටර් 28 ,අත්බෝම්බ 42 මෙන්ම නීතිවිරෝධී මත්පැන් ලීටර් 5 ලක්ෂ හැට නව දහස් තුන්සිය හැටක් පොලිස් භාරයට ගෙන ඇත.
හෙරෝයින් මත්කුඩු කිලෝ 20කට අධික ප්‍රමාණයක් ,ගංජා කිලෝ 813කට අධික ප්‍රමාණයක් ,අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර වන බව පොලිසිය කියයි.
තවද අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වරෙන්තුකරුවන් 23139 ක් හා වෙනත් වැරදි සදහා සැකකරුවන් 45,088ක් අත්අඩංගුවට ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
බිමල් ෂ්‍යාමන් ජයසිංහ
