කරන්දෙණිය ප්රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර මහතාගේ ඝාතනය ඇතුලු තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට විදෙස් රටකට ගොස් පලා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඌරගහ මයිකල් නමැත්තගේ ඊෂි කැෂ් ක්රමයට මෙරට මත් කුඩු ජාවාරම මෙහෙයවනු ලබන ප්රධාන ගෝලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මත් කුඩු මිලිග්රැම් 3100යක් සමග සැකකරු අද (14 ) උදේ ඇල්පිටිය මෛත්රීගම පාලම අසළදි සැකපිට ප්රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊෂි කැෂ් ක්රමයට මත්කුඩු ඉල්ලුම්කරන ඉල්ලුම්කරුවන්ට රහසිගත තැන් තැන්වල මත් කුඩු සඟවා තැබීමට ගෙන යාමේදි මෙසේ අත් අඩංගුවට පත්වූ බව පොලීසිය කියයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත