පොල්ගහවෙල පුහුරිය දුම්රිය හරස් මාර්ගයේදී (14) දා උදෑසන දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එම රථයේ රියදුරු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි .
උදෑසන 8.30 ට පමණ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන නගරාන්තර ශ්රීඝ්රගාමි දුම්රියේ මෙම මෝටර් රථය ගැටී ඇති අතර අනතුරෙන් මෝටර් රථය තුළ රියදුරු තුවාල ලබා සිරවී සිටියදී ප්රදේශවාසීන් විසින් රියදුරු පොල්ගහවෙල රෝහලට ගෙන ගොස් ඇත.
අනතුරේන් මෝටර් රථයට දැඩි හානි සිදු වි ඇත. තුවාල ලැබූ රියදුරු පොල්ගහවෙල පනලිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයකු බවත් ඔහුගේ නොසැලකිලිමත් රිය ධාවනයෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
