හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්රදේශයේදි එකම දිසාවට ධාවනය වූ වාහන 04ක අනතුරට පත් විමෙන් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා ඇති බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.
(30) දින උදෑසන 8:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්රදේශයේදිය.
කොළඹ දිශාවේ සිට හැටන් දක්වා ඉදිරියෙන් ධාවනය වූ ත්රී රෝද රථයක යතුරුපැදිය ගැටී ඇති අතර, යතුරුපැදියට පිටුපසින් ධාවනය වූ වෑන් රථය පිටුපසින් ධාවනය වූ ත්රීරෝද රථයක් ඉදිරියෙන් වූ වෑන් රථයේ ගැටී වාහන 04ම අනතුරට පත් වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ඉදිරියෙන් ධාවනය වූ ත්රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි.
අනතුරින් යතුරුපැදයේ ගමන් ගත් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති අතර, වාහන 04ම හානි සිදු වී ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.
