වරින් වර නීති විරෝධීව ගෙනා සිගරට් තොගයක් විනාශ කෙරේ
2026 වසරේ අප්රේල් මස සිට ජූලි මාසය දක්වා වූ කාල සීමාව ඇතුළත කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළ හරහා විදෙස් ගතව සිට රට තුළට පැමිණෙන පිරිස විසින් අසත්ය ප්රකාශ ඉදිරිපත් කරමින් වරින් වර නීති විරෝධීව රැගෙන ආ සිගරට් තොගයක් විනාශ කිරීම අද (30දා) කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේදී සිදු කෙරුණි.
නීති විරෝධීව රට තුළට භාණ්ඩ ගෙන්වීමට වැට කඩුලු බඳිමින් ශ්රී ලංකා රේගුව විශේෂ වැටලීම් නිරන්තරයෙන් සිදු කරමින් පවතී.
අද දින සිගරට් ස්ටික්ස් (කූරු) මිලියන දෙකයි දශම අටක් (2.8ක්) විනාශ කළ අතර, එහි වෙළඳ පොළ වටිනාකම රුපියල් මිලියන 677ක් වන අතර, මෙම සිගරට් තොගය රට තුළට සංසරණය වූවා නම්, රජයට අහිමි වීමට තිබූ මුදල රු මිලියන 439 වන බව මෙහිදී අදහස් දැක්වූ රේගු මාධ්ය ප්රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා ප්රකාශ කර සිටියි.
පසුගිය කාල පරිච්ඡේදය තුළදී ශ්රී ලංකා රේගුව මගින් ඉතා දක්ෂ ලෙස මෙන්ම සූක්ෂමව විශාල වටිනාකම්වලින් යුත් නීති විරෝධී මත්ද්රව්ය සහ වෙනත් ද්රව්ය අත්අඩංගුවට ගත් බව ද,රේගු මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ( I J)


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

