හොංකොං සික්සස් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත තරගයෙන් එක් කඩුල්ලක ජයක් වාර්තා කිරිමටශ්රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 6 දී කඩුලු 4ට ලකුණු 127ක් රැස් කළේය.මෙහිදී ආරම්භක පිතිකරු හබිබූර් රහමාන් පන්දු 15කදී ලකුණු 57ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 5.2කදී කඩුලු 5ක් දැවි ලකුණු 129ක් රැස්කරමින් තරගය ජය ගත්තේය. මෙහිදී ආරම්භක පිතිකු විශේන් හැළඹගේ දැවැන්ත හයේ පහර 11ක් හා හතරේ පහර තුනක් සමගින් පන්දු 17කදී නොදැවී ලකුණු 80ක් රැස් කළේය.