දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල් 264න් 123ක්ම ධාවනයට යෙදවිමට සුදුසු තත්ත්වයක නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල් 264 අතුරින් ඉකුත් වර්ෂයේ (2025) ධාවනයට යොදවා ඇත්තේ ඉන් 141කි. මුළු දුම්රිය ඇණියෙන් වසර 40කට වඩා පැරණි දුම්රිය එන්ජින් 101ක් පවතින බව අනාවරණය වි ඇත. වසර 20ත් 40ත් අතර දුම්රිය එන්ජින් 49ක්ද,වසර 10ත් 20ත් අතර දුම්රිය එන්ජින් 66ක්ද, වසර 10ට අඩු දුම්රිය එන්ජින් 48ක් පවතින බව විගණන වාර්තාවේ සදහන් වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව වසර 10ට අඩු දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල් ඇත්තේ මුළු දුම්රිය ඇණියෙන් සියයට 18කි. නව දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල් දුම්රිය ඇණියට එක්කරගැනිමට සැලසුම්කොට නොතිබුණි. පැරණි දුම්රිය එන්ජින් හා බලවේග කට්ටලමත ඉහළ ප්රතිශතයකින් යැපිමෙන් ඉදිරියේ දි අඛණ්ඩව සේවාව සැපයිමට ඇති අවධානම ප්රමාණවත්ව තක්සේරුකොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අත්යවශ්ය නඩත්තු කටයුතු සදහා අලුත් දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත්කොට ඇති බවත් ඉදිරියේ දි එය ප්රමාණාත්මකව වැඩිකර ගැනිමට කටයුතු කරණ බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන්කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

