පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්රී ලංකා කණඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු පහක් දැවී ලකුණු 386ක් රැස් කළේය.
මෙහිදී ආරම්භක පිතිකුරු බෙන් ඩකෙට් පන්දු 132කදී ලකුණු 167ක් රැස් කළේය. ඔහු හා ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් (74) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 163ක සබඳතාවක් පැවැත්වීය. ශ්රී ලංකාව වෙනුවෙන් අසිත ප්රනාන්දු කඩුලු දෙකක් දවා ගත්තේය.


