saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 158 hours ago

LATEST

සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාර විමර්ශනවලටයි, පැය 72ක් රඳවා ගනියි

calendar_today 2026 පෙබ 25 - 14:41 remove_red_eye - 275  

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාකෂි මත පදනම්ව බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේය.

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැර ගෙන ගොස් දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද 25 උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.

Read More

පෙබරවාරි මාසය සඳහා මෙරට ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 28,000ක් බවට වාර්තා වී ඇති අතර, එයට අදාල ගෑස් තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් දැනුම්දී සිටියි.

Read More

මේ වසරේ ජනවාරි මස 1 දා සිට පෙබරවාරි මස 22 දා තෙක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 5 සිමාව ඉක්මවා ගොස් තිබේ. පෙබරවාරි මාසයේ පළමුවැනිදා සිට 22 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 228424ක් පැමිණ තිබේ. ඒ අනුව දිනක සාමාන්‍ය සංචාරක පැමිණිම 10000 සීමාවට ආසන්නව තිබේ.

Read More

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ඉදිරියට කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම කරුණ සඳහන් කළේය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්ත කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදි පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයීමේ වත්මන් ක්‍රමවේදය ඇගයීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් ඇතුළත් වෙයි.

Read More

එසේම ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය ණය තොගය රුපියල් ට්‍රිලියන 31ක් වන අතර, මෙයින් රුපියල් ට්‍රිලියන 15.6ක් භාණ්ඩාගාර බිල්පත් (T-bills) ලෙසත් රුපියල් ට්‍රිලියන 15.4ක් භාණ්ඩාගාර බැඳුම්කර (T-bonds) ලෙසත් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අණාවරණය විය.

Read More

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය සඳහා 2023.02.10 දිනෙන් පසු උපාධි සහතිකය ලබාගත් උපාධිධාරීන්ටත් අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට ආසන්න මුදලක් වංචාකර, සැගවී සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වතු කම්කරුවන්ට රජයෙන් ලබාදෙන රු. 200 දෛනික පැමිණීමේ දීමනාව සඳහා නෛතික පසුබිමක් සකස් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

Read More

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.

Read More

පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් ( Paulo Rangel ) මහතා දෙදින නිල සංචාරයක් සඳහා 02/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

මෙත්ලිය ආයතනයේ සේවය කරන සේවකයින් 2200 දෙනාට තම කැමැත්ත පරිදි MAS සමූහයට අයත් ශ්‍රී ලංකාවේ වෙනත් කර්මාන්තශාලාවක හෝ ජෝර්දානයේ පිහිටි MAS ආයතනයක සේවය කිරීමට අවස්ථාව සලසා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

Read More

යාපනය මණ්ඩතිව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වහාම නතර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

Read More

අද (24) දිනයේ සිට දිවයින පුරා සියලු රේගු කාර්යාලවල කළු පටි පැලඳ රාජකාරි කටයුතුවල නිරත වීමට රේගු නිලධාරීන් තීරණය කර ඇති බව දැනුම් දෙයි.

Read More

තමන් ජාතිය වෙනුවෙන් තම වයසෙන් වසර 25ක් කැපකොට ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

Read More

අවිධිමත් අයුරින් යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාතලේ මඩවල උල්පත දිඹුල්ගමුව ප්‍රදේශයේ පිහිටා තිබු කොස් අලෙවි සැල් සදහා ආකර්ෂණිය ලෙස නව අලෙවිසැල් ඉදි කර ජන අයිතියට පත් කිරිම ඊයේ (23දා) සිදු විය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සුපිරි 8 දෙනාගේ වටයේ තරගයක් අද (24දා) රාත්‍රි 7ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

Read More

දකුණු පළාතෙත් රත්නපුර, මොණරාගල හා කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනදක දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

Read More

මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවා වූ එල් මෙන්චෝ අත්අඩංගුවේදි ජිවිතක්ෂයට පත්වීමෙන් පසුව තඔහුගේ කාටලයේ සාමාජිකයන් විසින් ඇතිකර ඇති ප්‍රචණ්ඩත්වය පාලන කිරීම සඳහා අමතර බල ඇණි යෙදවීමට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

Read More

කහටගස්දිගිලිය පොලිස් වසමේ කොක්එඹේ ප්‍රදේශයේදී ගසක් මත ඉදිකර තිබූ පැලකට නැගීමට සවිකර තිබූ ඉණිමග කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඉන් ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවට කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

තක්කාලි අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ වෙළඳපොළේ තක්කාලි සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙනි.

Read More

​වර්තමානයේ ගොවීන් මුහුණ දී ඇති තෙත වී අලෙවි කර ගැනීමේ ගැටලුවට විසඳුමක් ලෙස, රජය මැදිහත් වී රුපියල් 100ක සහතික මිලකට එම වී මිලදී ගත යුතු බව සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ එවැනි වැඩපිළිවෙළක් හරහා ගොවියාට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගත හැකි බවයි.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් පසු දුම්රිය සේවය යථාතත්වයට පත්කිරීමට නිසි සැලසුම් නොමැතිවීම මත මහජනතාව දැඩි පීඩාවකට පත් කිරීමට සිතාමතාම වත්මන් දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීම.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට අභිනවයෙන් එක්වූ ‘පී 628’ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව එක්සත් ජනපදයේ ‘බැල්ටිමෝර්’ සිට කොළඹ බලා පිටත් වෙයි

Read More

මාතර එලියකන්ද ප්‍රදේශයේ වලක් හාරන විට පස් කන්දක් කඩා වැටී පස් වලට යට වු පුද්ගලයෙකුගේ ජීවිතය පැය පහක් තිස්සේ සිදු කල මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට ඊයේ (22) රාත්‍රි හැකි වු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

කොළඹ කොටු‌වේ සිට මඩකලපුව දක්වා ගමන් කරන නගරාන්තර රාත්‍රී සීඝ්‍රගාමි දුම්රිය අද දින සිට යළි ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.