saravita-anim2

2026 ජුනි මස 06 වන සෙනසුරාදා

2026 ජුනි මස 06 වන සෙනසුරාදා

Latest News - timelapse 131 hours ago

LATEST

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

calendar_today 2026 මැයි 07 - 08:02 remove_red_eye - 1461  

ලාෆ්ස් ගෑස් මිල ඊයේ (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වේ. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500කි.

මැයි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව අප්‍රේල් මාසයේ පැවැත ගෑස් මිලම මැයි මාසයේදිත් ක්‍රියාත්මක වෙනු ඇත.

Read More

ඔහුගේ Truth Social වේදිකාවේ, ඉරාන යුද්ධය සහ හෝමූස් අවහිර කිරීම ගිවිසුමකින් අවසන් විය හැකි නමුත් ඉරානය එකඟ නොවන්නේ නම් බෝම්බ හෙලීම තීව්‍ර විය හැකි බව ඔහු පවසයි.

Read More

ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී ’’විශාල ප්‍රගතියක්’’ ඇති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසු තෙල් මිල පහත වැටෙමින් තිබේ.

Read More

ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

Read More

යාපනයේ සිවුලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (06) තහවුරු කළේය.

Read More

ධවල මන්දිරය යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ආසන්න බව Axios පුවත් සේවය වාර්තා කරයි.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් පසු (05) දින පස්වරුවේ විනාඩි 30ක පමණ කාලයක් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශෙයේ මඩ සොරොව්ව විනාඩි 30ක පමණ කාලයක් විවෘත කල බව එම ජලාශ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.

Read More

නෝර්වුඩ් නගරයේ බගවන්තලාව මාර්ගයේ (06) දින විවෘත කිරිමට සුදානම් කර තිබු මත්පැන්සළකට විරෝධය පාමින් වතුකම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එම මත්පැන්සළ විවෘත කිරිමට සුදානම් කර තිබු ගොඩනැගිල්ල ඉදිරිපිට කළුකොඩි ඔසවා උද්ගෝෂණයක නිරත විය.නෝර්වුඩ් නගරයේ කළු කොඩි ඔසවා සියලුම වෙළදසැල් වසා දමා මෙම උද්ගෝෂණය සිදු කරනු ලැබුහ.

Read More

2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

Read More

මාළදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු ( Mohomed Muizu ) මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර 05/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාලදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය .

Read More

දකුණු පළාත් සභාවට අයත් පාසල්වල ගුරුවරුන්ගේ පුරප්පාඩු 2834ක් පවතින බවත් ඉන් . උපාධිධාරි ගුරුවරුන් 1417 දෙනෙකු බදවා ගැනිමට අනුමැතිය හිමිවි ඇති අතර එම ගුරුවරුන් ඉදිරියේ දි බදවා ගැනිමට නියමිතව ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.කේ.ආර්.පතිරණ මහතා පවසයි.

Read More

ටී-56 පතරොම් 54ක් හා එම මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ සිරවි ඇති නෞකා ඉන් පිටතට ගැනිමට ඇමෙරිකාව ආරම්භ කළ මෙහෙයුම ’’කෙටි කාලයක්’’ සඳහා නවතා දමන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා සවස නිවේදනය කළේය.

Read More

කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් මියගොස් සිටින බවට කටුගස්තොට පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 66 ක් වූ මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයන් සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ, ඒ ආශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගොලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින්හෙට (06) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් අද (5)අලුයම් කාලයේදී පලා ගොස් ඇති බව පොලීසිය කියයි. කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි මේ සැකකරුවන් දෙදෙනා එම පොලිස් සිර මැදිරිය විවෘත කරගෙන ඒ අවස්ථාවේ රාජකාරියේ සිටින පොලිස් නිලධාරීන්ට හොර රහසේ පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

තමිල්නාඩු මහ ඇමති ලෙස පත්වූ තලපති විජේ වෙනුවෙන් ශ්‍රී ලාංකික දමිල ජනතාවගේ සුබපැතුම් එක්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද (05) පාර්ලිමේනතුවේදී පවසා ඇත.

Read More

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් වසර 02ක් ඇතුළත ඩිජිටල්කරණය කිරීම සඳහා සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read More

කැළණිවැලි දුම්රිය මාර්ගය මරදාන සිට අවිස්සාවෙල්ල දක්වා සංවර්ධනය කිරීමට අදාළව ඉඩම් අත්පත් කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ හේතුවෙන් මැයි මස 6 වන දිනයෙන් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ සේවා කාලය අද (05දා) අවසන් වීමට නියමිතය. ඒ් අනුව ඔහුගෙන් හිස්වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන විමල් ලියනගම මහතා හෙට (06දා) සිට පත්කිරීමට ජනපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (05) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

වත්මන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා දිවිත්ව පුරවැසියෙක් නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

අප්‍රේල් මාසයේ නුවරඑළිය මහනගර සභාවව විසින් සංවිධානය කර තිබූ වසන්ත සැණකෙළිය ඊයේ (04) දිනයෙන් නිමා වූ අතර වසන්ත සැණකෙළිය සඳහා තාවකාලික කඩ කාමර ඉදිකර තිබුණු භූමිප්‍රදේශය මුළුමනින්ම කසල විමානයක් බවට පත්ව තිබීමක් දක්නට ලැබිණ.

Read More

චීන රජයට අත්‍යාවශ්‍යව සිටි චීන ජාතිකයන් 37 දෙනෙකුගෙන් යුතු පිරිසක් , ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ , මීගමුව ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදී , ඉකුත් 04/21 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අතර , ඔවුන් 05/04 දින රාත්‍රී මෙරටින් පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .

Read More

පසුගිය මැයි 03 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එකතු කළ අගය මත බද්ද (VAT) 18% සිට 20.5% දක්වා වැඩි කර ඇති බවට සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශව පතුරුවා හරින ප්‍රකාශයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කරයි.

Read More

ජාතික පද්ධති මෙහෙයුම්කරු වන National System Operator (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමට අනුව වාචික මහජන අදහස් විමසිම හෙට (06) බණඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කරන බව පවසයි.

Read More

වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වන ටෝ ලාම්, 2026 මැයි 07 සහ 08 යන දෙදින තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.