2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ කටයුතු මෙම වසරේ සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
ඒ අනුව අදාල දිනයන් ඒ ඒ විශ්ව විද්‍යාල මඟින් තීරණ කරනු ඇති බව ද අද (06) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරිය ප්‍රකාශ කළේය.
විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් අනතුරුව, සියලුම ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වැනිදා වන විට අදාළ විශ්ව විද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවද ඇය වැඩි දුරටත් සහන් කලාය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය