saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6501 hours ago

LATEST

අද එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන

calendar_today 2021 අගෝ 23 - 08:35 remove_red_eye - 621  

​අද (23) දිනයේ ත් දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 124 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්​ට රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව අද (23) සිට ලබාදීමට නියමිතව ඇ​ත.

Read More

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

Read More

Invitational T20 League අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට Greys කණ්ඩායම හා Reds කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් Greens කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 114 ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සදහා ඇමෙරිකානු ෆයිසර් එන්නත් තවත් මාත්‍රා 80,000 ක පමණ ප්‍රමාණයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත , කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විසින් රැගෙන විත් ඇති බව , එහි කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

බරපතල රෝගාතුරවීම් හා රෝහල් ගතවීම් සම්බන්ධයෙන් කොවිඩ්-19 බූස්ටර් මාත්‍රාවෙන් දින 10කට පසු වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා පස් ගුණයකින් හෝ හය ගුණයකින් වැඩි ආරක්ෂාවක් ලබාදෙන බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,172 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,282 ක් වන අතර, දිනක් තුළ මෙරට ආසාදිතයින් 4,000 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

Read More

චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අනිද්දා ලැබෙන අතර තවත් මාත්‍රා මිලියන 2ක් මේ මස අඟදි දිවයිනට ලැබිමට නියමිතය.

Read More

අධික ලෙස බෝවන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය පැමිණීම නවසීලන්තයේ වසංගත ප්‍රතිචාරය ගැන විශාල ප්‍රශ්න කිහිපයක් මතු කර ඇති බව එරට වසංගත ප්‍රතිචාරය භාර අමාත්‍යවරයා පවසයි.

Read More

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 183 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 45 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 136 දෙනෙකු අයත්.

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන සිදු කළ බව පවසමින් එම වෛද්‍යවරයා විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

වසර 20කටත් වඩා වැඩි කාලයක් සිදුකර ඇති මෙම මත විමසුම තුළ ඉන්දියාවේ කිසිදු අගමැතිවරයෙකුගේ ජනප්‍රියත්වයට මෙවැනි කම්නයක් ඇතිවී නොමැති බව සඳහන් වේ.

Read More

ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බව​ට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

දිනෙන් දින රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හා රජය විසින් පනවා ඇති පළාත් සංචරණ සීමා නිසා අධිකරණ හමුවට නොපැමිණෙන සැකකරුවන්ට හෝ විත්තිකරුවන්ට හෝ වරෙන්තු නිකුත් නොකරන ලෙසත් ඉතා අත්‍යවශ්‍ය නඩු කටයුතු පමණක් විවෘත අධිකරණ හමුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණ සේවා කොමිසන් සභාව මහෙස්ත‍්‍රාත්වරුන්ට හා විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

’’චීනයේ ජාත්‍යන්තර එන්නත් සහයෝගීතාව කිසිඳු ආර්ථික හෝ දේශපාලන අවශ්‍යතාවක් සමග කිසි දිනෙක සම්බන්ධ වී නැහැ’’ යනුවෙන් කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ ජාත්‍යන්තර සංසදයේ පළමු වැනි රැස්වීමේදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

Read More

සංචාරක වීසා සහිතව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.

Read More

දිවයින පුරා අලෙවි කරන ආහාර වර්ගවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇ​ත. ආහාර වර්ග සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා එම තීරණයට එළැඹ ඇත.

Read More

ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් සහ අනෙකුත් මූලධර්මවාදීන් මෙන්ම ආගමික අන්තවාදීන් සරණාගතයන්ගේ වේශයෙන් රටවලට ඇතුළු විය හැකි බවට රුසියානු ජනපති පූටින් මෙන්ම, මධ්‍යම ආසියානු රටවල් කනස්සල්ලට පත්ව සිටිති.

Read More

කොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියි. පැණි බීමෙන් හෝ මුට්ටි ගංගාවල දැමීමෙන් ඊට විසඳුමක් ලද නොහැකි බව මාතර දී පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය වරයා සඳහන් කර සිටියේය.

Read More

දැනට සිදුවී ඇති කොවිඩ් මරණ වලින් 91%ක් එන්නත් ලබානොගත් පුද්ගලයින් බවත් ප්‍රමාද කිරීම පසුතැවිලි වීමට හේතුවිය හැකි බැවින් නොපමාව එන්නත් ලබාගන්නා ලෙස වැඩබලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.

Read More

ඔක්සිජන් ටොන් 100ක් රැගත් නෞකාවක් මීට ටික වේලාවකට පෙර කොළඹ වරාය වෙත පැමිණ ඇත. ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ද හෙට කොළඹට ළඟාවීමට නියමිතයි.

Read More

රට තුළ ඉන්ධන හිඟයක් මතුවීමේ අවදානමක් පවතින බවට ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

Read More

නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ කිසිදු බලපත්‍රයක් පොලීසිය විසින් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසා සිටියි.

Read More

මහනුවර ඇසළ පෙරහැර සඳහා කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වූ නැටුම් කණ්ඩායමක සිටි කලාකරුවන් 76 දෙනෙකුට සිදුකළ ඇන්ට්ජන් පරීක්ෂාවකදී එහි සිටි කලාකරුවන් 45 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය අංශ තහවුරු කරයි .

Read More

ඩෙල්ටා වෛරසයේ විකෘතිතා 04ක් මෙරටින් හඳුනා ගෙන ඇති බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නී ය. අද (22) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරිය සඳහන් කළේ මෙම සියලු විකෘතිතාවලට මෙරට භාවිත වන එන්නත් කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවය.

Read More

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ දී විථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

Read More

කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තේරීමකින් තොරව ලැබෙන ඕනෑම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

Read More

කොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා තවත් ඔක්සිජන් ටොන් 160ක් අද දිවයිනට රැගෙන එන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Read More

පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබු​නේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බව​ටයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.