ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පාකිස්තානය වෙත ගෙන ගොස් තිබේ. එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ හම්බන්තෙට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින හෙයින් මුළු රටම අනතුරු ඇඟවීමේ 4 වැනි මට්ටමේ සීමාවන් පනවා ඇති අතර, එරට එන්නත්කරණය මන්දගාමී වීමෙන් අර්බුධයක් මතුකර ඇති බව කියයි.
Read Moreනිවස තුළම ඇඳ ඇතිරිල්ලකින් ජනේලයක එල්ලී වැලළාගෙන සිටි 37හැවිරිදි පුද්ගලයෙකුගේ මෘත දේහය පීසීආර් පරික්ෂණයට ලක්කිරීමේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද තහවුරු වී තිබේ .
Read Moreඉටුකම අරමුදලට මිලියන 1827.3ක් ලැබී ඇති බව එම අරමුදලට අදාළ වෙබ් අඩවියේ දැක්වෙයි
Read Moreපාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගෙන් අද (23) පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreකොවිඩ් ආසාදිතයින් 9,606 දෙනෙක් මේ වන විට නිවෙස්ගත නිරෝධායනයේ යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ තෘතියික සේවා පිළිබද අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස රට වැසීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා සිටියි.
Read Moreකැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ ගතවූ මාස හතර තුළ කොරෝනා වෛරසය ආසාධිත වී පුද්ගලයන් 1033 මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් දිඹුල බෝගහ වත්ත කෝවිලේ උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් කෝවිලේ පාලක සභාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.
Read Moreහිෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබේ.
Read Moreඅමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.
Read Moreදකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇත.
Read Moreකොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව ඉන්දියාවේ අදානි සමාගම පවසා සිටියි.
Read Moreබස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 757ක් සහ පුද්ගලයන් 1,509ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
Read Moreමෙරට සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයකට හේතුව කොවිඩ් නියුමෝනියාව ඇතිවීමට පෙර සිදුවන පෙනහළු සංකූලතාවක් බවට කරුණු අනාවරණය වී ඇත.
Read Moreවැලිමඩ අඹගස්වැව පොලිස් වසමේ මැදහින්න ප්‍රදේශයේදි පොල්ලකින් පහර දි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියක් පිළිබදව පොලීසියට වාර්තා වි තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝනා ආසාදිතයින් අගය ශීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වාර්තා වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.
Read Moreවනිදු හසරංගට හා දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා දී නොමැති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටියි.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (22දා) මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, බන්ධනාගාර වෛද්‍යවරයෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳව සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
Read Moreකොවිඩ් ආසාදනය වූ තවත් 4282 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.
Read Moreනුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසිය.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර තිබේ. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර ඇත.
Read Moreඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අද (22දා) මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු විය.
Read Moreපෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.
Read Moreනොච්චියාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්කුඩු මිලිග්‍රෑම් දෙසියක් සමඟ දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.
Read Moreගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 ක් හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති ජාන විකෘතිතා ගණන 4කි.
Read More