අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම ගිලන්රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියි.
රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලට අනුබද්ධිත ගිලන්රථ ද මෙලෙස අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු සඳහන් කර සිටියි.
මීට පෙර ගිලන්රථවලින් අධිවේගී මාර්ග ගාස්තු අය කළ අතර, කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මැයි මාසයේ සිට ගිලන්රථ තාවකාලිකව අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණි.