මන්නාරම කොන්තෙයිපිඩ්ඩි මුහුදු ප්රදේශයේදී බොට්ටු සවාරියක් ගොස් මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුර අද (13) දින හමුවූ බවට මන්නරම් පොලීසිය පවසයි.
මන්නාරමේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයින් පිරසක් විසින් අදාල තරුණයිගේ සිරුර කලපු සීමාවේ පාවෙනු දැක සොයාගෙන ඒ පිළිබඳව මන්නාරම් පොලීසියට දැනුම් දී සිරුර ගොඩට ගෙන ඒමට පියවර ගෙන තිබුණු අකර හමු වූ මළ සිරුර යාපනය පේදුරුතුඩුව ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි දර්ශන් නැමති තරුණයාගේ බවට ඥාතීන් විසින් හඳුනාගනු ලැබීය.
කෙසේ නමුත් අතුරුදහන් වූ 27 හැවිරිදි තරුණයාගේ සිරුර මෙතෙක් හමු වී නොමැති අතර නාවික හමුදාව, පොලීසිය සහ ධීවරයින් විසින් සිරුර සොයා තවදුරටත් සෝදිසි කිරීම් සිදුකරති.
ඊයෙ (12) දින යාපනය පේදුරුතුඩුවේ සිට පැමිණි තිදෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ දින මන්නාරම පල්ලිමුනයි ප්රදේශයේ පිහිටි කලපු නිරීක්ෂණය කිරීම සඳහා මොටාර් බොට්ටුවකින් සංචාරයක නිරත වූ අවස්තාවේදී කොන්තෙයිපිඩ්ඩි කලපු ප්රදේශයේ බොට්ටුවේ යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
එහිදී බොට්ටුවේ යමින් සිටි තරුණයින් තිදෙනාගෙන් එක් තරුණයෙකු පළමුව මුහුදට වැටී දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීමට තවත් තරුණයෙකු වතුරට පැනීමෙන් එම තරුණයාද දියේ ගිලී අතුරුදහන්ව ඇති අතර අනෙක් තරුණයා බොට්ටුවේ සිට උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව මුහුදු ගිය ධීවරයෙකු විසින් එම තරුණයා සහ බොට්ටුව රැගෙන ගොඩබිමට පැමිණ ඇත.