හෙද නිලවරණයෙන් ජවිපෙට ජයක්
හෙද සභාවේ නිලවරණයෙන් තම කණ්ඩායමට විශිෂ්ට ජයක් අත් වී තිබෙන බවත්, රෝහල් සේවා හෙද නිලධාරීන් නියෝජනය කරමින් තම කණ්ඩායමෙන් නියෝජිතයන් 04දෙනෙකු පත් වී සිටින බවත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
පසුගිය 11වැනිදා පැවති නිලවරණයෙන් රෝහල් සේවා හෙද නිලධාරීන් නියෝජනය කරමින් නියෝජිතයන් 05දෙනෙකු තෝරා ගැනීම සිදු වූ බවත්, ඉන් නියෝජිතයන් 04දෙනෙකු තම කණ්ඩායමෙන් පත් වී සිටින බවත් එම සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත මහතා සඳහන් කළේය.
මෙම ඡන්ද විමසීම මගින් අයුර්වේද සේවා, පෞද්ගලික සේවා, හෙද පරිපාලන සේවා, හෙද අධ්‍යාපන සේවා සහ පළාත් හෙද සේවා නියෝජනය කරමින් තවත් නියෝජිතයන් 06ක් තෝරා ගැනේ. මේ අනුව මෙම නිලවරණයෙන් තෝරා ගනු ලබන නියෝජිතයන් ගණන 11කි.
මෙම නිලවරණයේදී වැඩිම මනාප එස්.බී. මැදිවත්ත මහතාට හිමි වී තිබෙන අතර, ඒ මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය 4,119කි.
popular news
-
කැලිස්ටා Tuesday, 14 December 2021 07:46 AM
හෙද නිලවරනයේදී ජනතාවිමුක්ති පෙරමුණ ඉදිරියෙන් සිටීම ඉතාහොද දෙයකි අලුත් මගට පාර කැපීමකි මුලු රටේම ජනතාව වහල් මානසිකත්වයෙන් මිදෙන කාලය පැමිණැ ඇත වසර 73ක ධනේස්වර තුප්පහි දෙගොල්ලට ම තිත තබමු
Reply : 0 0
කැලිස්ටා Tuesday, 14 December 2021 08:30 AM
අද අලුත් මගට ජනතාව අවනත වී ඇත පාට පක්ෂ බේද නැතිව හොර කමට දූෂනයට වන්චාවට නාස්තියට විකිණීම ට එරෙහිව පාරට බසිමු හෙද නිලවරණය ඊට පරතිචාර දක්වා රටට ආදර්ශයක් දී ඇත වසර 73 ක මේ දෙපාර්ශයක්රට ගෙන ගිය විනාශය දැන් නතර කරමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

