පසුගිය දිනවල සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හා විදුලිබල මණ්ඩලයේ දියුණුවට අදාළව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා හෙට (14දා) විදුලිබල මණ්ඩල සේවකයන්ගෙන් කොටසක් අසනීප නිවාඩු වාර්තා කර විරෝධතා ව්‍යපාරයක් පැවත්වීමට තීරණය කර තිබේ.
අද දිනයේ සේවා වාරවල නොමැති විදුලිබල මණ්ඩල සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර කොළඹට පැමිණෙන බවත්, අනතුරුව කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යපාරය පවත්වන බවත් අවනීතියට එරෙහි ලංකා විදුලිබල මණ්ඩල සේවක පවුර සංවිධානය සඳහන් කරයි.
විදුලිබල මණ්ඩල පාලන අධිකාරිය විසින් පසුගිය කාලයේ ගත් අවිධිමත් තීන්දු තීරණ නිසා මණ්ඩලයට විවිධ හානි සිදුව තිබෙන බවත්, මේ හේතුවෙන් විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් බවට පත්ව තිබෙන බවත් එම සංවිධානයේ සාමාජික ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සංස්කාරක නන්දන උදය කුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව පසුගිය දිනවල සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වැරදි සිදු කර තිබෙනවා නම් ඔවුන්ට නීති මගින් දඬුවම් ලබාදිය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙම ඉල්ලීම් දෙක මුල් කර ගනිමින් අද සිදුකරන ක්‍රියාමාර්ග සඳහා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන වෘත්තිය සමිති 15ක් සම්බන්ධ වන බවද හෙතෙම සඳහන් කළේය.