ඇමෙරිකානු හමුදා සිරියාවේදී සිවිල් වැසියන් ඝාතනය කරලා
නැගෙනහිර සිරියාවේ ඩීර් අල්-සූර් පළාතේ එක්සත් ජනපද හමුදා විසින් එකම පවුලේ සිවිල් වැසියන් තිදෙනෙකු මරා දැමූ බව රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
කුර්දි ප්රමුඛ සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාවන්ගේ සහාය ඇතිව, ඩීර් අල්-සූර් ගම්බද ප්‍රදේශයේ අල්-බුසයිරා නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල එක්සත් ජනපද හමුදා මහා පරිමාණ මෙහෙයුමක් දියත් කළ අතර, අල්-බුසයිරා හිදී මෙම වින්දිතයින් තිදෙනා ඝාතනය කර තිබේ.
එක්සත් ජනපද හමුදා ඩීර් අල්-සූර් හි ගම්බද ප්‍රදේශවල නිවාස වැටලීම්ද සිදුකර ඇති අතර නාඳුනන ස්ථානවලට පුද්ගලයින් පැහැරගෙන ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද පාර්ශ්වයෙන් තවමත් තහවුරු කිරීමක් සිදුකර නොමැත.
ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීමේ නාමයෙන් එක්සත් ජනපද හමුදා 2014 සිට සිරියාවේ ක්‍රියාකාරීව සිටිති. එක්සත් ජනපදය සිරියානු තෙල් සහ ගෑස් මෙන්ම තිරිඟු භෝග පැහැර ගන්නා බවට චෝදනා කරමින් සිරියානු රජය දිගින් දිගටම චෝදනා කරයි.


popular news
-
Kumar Tuesday, 14 December 2021 04:44 PM
maywani gathanayak american hamudawen sidukalanam, nobiyawa e pilibandawa rajaya departhamentthuwata paminillaka samaga shaksi idiripath karanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

