මේ මාසයේ ගතවූ දින 12ක කාලය තුළ මෙරටට සංචාරකයන් 24,773ක් පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු දෙසැම්බර් මස 12 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 129,762 කි.
ඉන්දියාව , රැසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කසකස්ථානය, ඇමෙරිකාව, ප්‍රංශය, කැනඩාව, මාලදිවයින යන රටවලින් මෙම සංචාරකයන් පැමිණ තිබේ.
ශීත කාලය ඉලක්ක කරගනිමින් සංචාරක සංවර්ධන අධිකාරිය යුරෝපා රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කරයි. එම රටවල ගුවන් සමාගම් කිපයක් ම ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචරණ සීමා යාවත්කාලින කිරිම ද, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනයට හේතු වි ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි