saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 6888 hours ago

LATEST

ප්‍රියන්ත ඝාතන සිද්ධියෙන් පසුව පකිස්තානු කර්මාන්තශාලාවල කටයුතුවලට බාධා

calendar_today 2021 දෙසැ 08 - 18:14 remove_red_eye - 2895  

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමෙන් පසුව පකිස්ථානයේ කර්මාන්ත ශාලාවල කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් විදෙස් රටවල් සමග පවත්වන වෙළෙඳ සබඳතාවලට මෙම සිද්ධිය බලපෑමක් ඇති කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.‍

වර්ථමානයේ පවතින ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුව ඇතිකරගත් ආර්ථික අර්බුදයක් බවය කවුරුන් හෝ විග්‍රහ කරන්නේ නම් එය ඉතාමත් පටු අර්ථකතනයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

Read More

ගෑස් හිඟයක් ඇති වෙලා, පෝලිමේ ඉදලා ගෑස් සිලින්ඩර් අරන් යන්නේ ඒ වෙලාවෙම පත්තු කරන්න බලාගෙන. දැන් ආපසු කැඳවන්නේ මුද්‍රා නොකඩපු ඒවා. ඒ නිසා දැනුත් ගෙවල් ඇතුලේ පිපිරීම් පිළිබඳ සැකයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා හඳුනාගන්න ක්‍රමයක් තිබෙනවාද? ඒවා නැවත භාර දෙන්න කියන්න. තමුන්නාන්සේලාගේ අවසන් තීරණය එක්කෝ පුපුරලා ඉවර වෙන්න ඔ්නී. නැත්තම් ගෑස් ඉවර වෙලා අවසන් වෙන්න ඔ්නී. ඒ නිසා මේ ගෑස් පිළිබඳ ඇතිවී තිබෙන අවිනිශ්චිත තාවයට අදවත් විසඳුමක් ලබා දිය යුතුයි.

Read More

LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 195 රැස් කිරීමට සමත් විය.

Read More

මහබැංකු බැඳුම්කර වංචාකරුවන් අත්අඩංගුවට ගන්නා බවට බලය ලබා ගත් වත්මන් ආණ්ඩුව යටතේ එම වංචාකරුවන් නිදැල්ලේ සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

ගෑස් ප්‍රශ්නයට හේතුව පිළිබඳ අවසන් තීන්දුවක් විද්‍යාත්මකව වර්ථමානය තුල ලබා ගැනීමට නොහැකි වුවද ගෑස් වල සංයුතිය වෙනස් කිරීම නිසා මෙම ප්‍රශ්නය ඇතිවූ බවය පිළිගත යුතු බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් 8ක් එරට ත්‍රස්තවිරෝධී අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

පාකිස්තානය සියල්කොට් නගරයේ දී ආගමික අන්තවාදීන් ගේ ප්‍රහාරයකට ලක්ව අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයෙන් පසු පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා එම ඝාතනයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් ආකාරය සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරමින් සහ ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාට සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස ද දන්වමින් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමියන් විසින් පාකිස්ථාන අග්‍ර

Read More

ගෝලීය වසංගතය සමග කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම 2020 පෙබරවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, වසර දෙකකට ආසන්නවීමත් සමග යළිත් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ආරම්භ කොට තිබේ.

Read More

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයන කරන අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් මෙරටට ගෙනත් තිබෙන බවත් එම සහල් කිලෝවක් රුපියල් 100‌ට අඩුවෙන් ලබා දීමට කටයුතු කරන බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Colombo Stars කණ්ඩායම හා Dambulla Giants කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රාවත් ගමන් ගත් හෙලිකොප්ටරයක් තමිල්නාඩුවේදී කඩා වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

’’මට මුරලිවත්,රංගන හේරත්වත් වෙන්න උවමනා නැහැ, මට උවමනා හසරංග කෙනෙක් වෙන්න,ගොඩක් තරුණ ක්‍රීඩකයන් LPL තරගාවලිය ක්‍රීඩා කරනවා. මං හිතන්නේ මේක තමා හේතුව පසුගිය අවුරුදු කිහිපයට වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු වීමට හේතුව’’

Read More

රොසැල්ල දුම්රිය ස්ථානය අසළදී දුම්රියේ ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ. එකම පවුලේ මව, පියා හා පුතා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙරට ජනාධිපතිවරයාගේ සිට නිර්දන පන්තියේ සමාජිකයා දක්වා වන සියලු පාර්භෝගිකයන් ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත පරීක්ෂනාගාරයක් ඉදි කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

Read More

යුගදනවි බලාගාරය පිළිබඳ ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග එළඹි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදුලිබල ඇමතිවරයා එකඟත්වය පළ කළද සති 06ක් ගත වුවත් මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කොළඹ ඇතුළු තදාසන්න නගරවල රථ වාහන තදබදයක් ඇති වන අයුරින් පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් අද (08) සිට ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකික ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කිරීමට උත්සාහ කරන විට ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් තමන් වෙත පුදකළ සහතික පත්‍රය හා සිවිල් සම්මානය ශ්‍රී ලංකා ජනතාවටත් ජීවිතක්ෂයට පත්වූ ප්‍රියන්ත කුමාරටත් පිරිනමන බව මලික් අද්නාන් පවසයි.

Read More

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ පොහොර සහිත නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිට ව යන බවට චීන පොහොර සමාගම තමන්ට දන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට දන්වා තිබේ.

Read More

බහරේන් රාජ්‍යයේ මනාමා නුවර පැවති සිව් වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වී , ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩකයන් පිරිස 12/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

Read More

2020දී නිකුත් කළ චක්‍රලේකයෙන් පසු විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් පත් කිරීමට මෙතෙක් කල් නොතිබුණු දේශපාලනික කමිටුවක් පත් කර තිබෙන බවත් එලෙස විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පත් කර කමිටුවේ උසස් පෙළවත් නොමැති සාමාජිකයන් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මේ වන විට ලි ට්‍රෝ සමාගම විසින් රතු පැහැති මුද්‍රාව සහිත නව ගෑස් සිලින්ඩර වෙඳපොළ වෙත නිකුත් කරමින් පවතී.

Read More

පසුගිය දිනවල පාර්ලිමේන්තු සභාගර්භය තුළ සිදුවූ සිදුවීම් සොයාබලා නිර්දේශ ලබාදීමට නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

Read More

පාකිස්තානයේදී අන්තවාදීන් අතින් කෘර ලෙස ඝාතනය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) පස්වරුවේ ගණේමුල්ල පොල්වත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් , පෝලන්තයේ වෝර්සෝ නුවර චොපින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය 12/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 86 ක ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වතාවට සත්වෝද්‍යානයතුලම උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලැබ ඇත. මෙම සතුන් පසුගිය මාර්තු මස 22 වන දින උපත ලබා තිබුණත් ඒ වනවිට රට වසාගන සිටි කොරෝනා වසංගතය නිසා මහජනතාවට දෑක බලා ගැනීමට අවස්ථාව අහිමිවී තිබිණි.

Read More

අද (08) සිට පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳව සිය අදහස් පළ කළ ජනාධිපති පුටින් මැතිතුමා, “ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65 ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සරය අපි ලබන වසරේ දී සමරන්නෙමු. දෙරටේ විදේශ අමාත්‍යංශ, ආරක්‍ෂක අමාත්‍යංශ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශ අතර මෙන්ම පාර්ලිමේන්තු අතර ද යහපත් සබඳතා ගොඩනැගී ඇත. තවද, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතා නොවැම්බර් 22 වැනි දින කොළඹට පැමිණ ඇත.” යනුවෙන් සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.