යුගදනවි බලාගාරය පිළිබඳ ඇමරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සමග එළඹි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදුලිබල ඇමතිවරයා එකඟත්වය පළ කළද සති 06ක් ගත වුවත් මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ අනුව මේ පිළිබඳ කථානායකවරයා ක්‍රියාමාර්ගයක් ගත යුතු බව අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වීමට මෙම ගිවිසුම අවශ්‍ය බවත් අදාල ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකස් අත්සන් කර තිබේ නම් ඔහුට මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් ලබා දිය යුතු බවත් එහිදී අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම කාරණය මීට පෙර සඳහන් කළ අවස්ථාවේ අදාල ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට විදුලිබල ඇමතිවරයා එකඟ වූ බවත් ඒ අනුව මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස නැවත එම අමාත්‍යවරයාට සඳහන් කරන බවත් සභානාය අමාත්‍ය දිනේෂ් ගුණවාර්ධන මහතා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක - මම මාස එකහමාරකට පෙර 27/2 යටතේ ප්‍රකාශයක් කරලා නිව් ෆෝට්රස් එනර්ජි සමාගම හා භාණ්ඩාගාරයේ ලේකම්තුමා අතර ඇතිවූ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටියා. ඒ වෙලාවේ ලොකුගේ ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවට එකග වුනා එළැඹෙන සතියේ ලබා දෙන්නම් කියලා. දැන් සති 06 වැඩි කාලයක් ගිහින් තිබෙනවා.
තවමත් ඒ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. මෙම ගිවිසුම අත්සන් කිරීම කාර්ය සිදු වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ. ඒ පිළිබඳ විදුලිබල අමාත්‍යාංශය දවසේ කතා කිරීමෙන් පලක් නෑ. 10 වැනිදා මුදල් අමාත්‍යාංශයේ විවාදය පැවැත්වෙනවා. භාණ්ඩාගාරයේ ලේකම්තුමා අපේ රටේ ජාතික සම්පතක් සහ ඉදිරි මිලදී ගැනීම් ඇමරිකානු සමාගමක් සමග පැමිණෙන එකඟතාවයන් පාර්ලිමේන්තුවේ අපිට දැන ගන්න ඔ්නී.
ඒ ගිවිසුමේ යම් අඩුපාඩු තිබෙනවා නම් අපිට 10 වැනිදාට ගත යුතුව තිබෙනවා. නමුත් දැන් සැලකිය යුතු කාලයක් ගතවී තිබෙනවා. මේ පාර්ලිමේන්තුවට ඒ ගිවිසුම ඉදිරිපත් කරලා නෑ. මොකද ලොකුගේ විදුලිබල අමාත්‍යවරයා එකඟ වුනා මේ පාර්ලිමේන්තුවට ඒ ගිවිසුම ඉදිරිපත් කරන බව. ඒ වගේම මාධ්‍ය වාර්ථාවක් තිබෙනවා එම ගිවිසුමේ වගන්තියක් ඇතුලත් කරලා තිබෙනවාලු අවුරුදු 02ක් යනතෙක් ඒ ගිවිසුම මහජනතාවට නිකුත් නොකරන බවට.
එහෙම එකක් තියෙනවාද කියලා දැන ගන්න ඔ්නී. ඒ නිසා මුදල් අමාත්‍යවරයාට මුදල් අමාත්‍යාංශයේ බලතල ලැබිලා තිබෙන එක ඇත්ත. ඒත් ඔහු නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවගේ පරමාදිපත්‍යයේ කොටසක්. ඒ නිසා ඔහුට හිතු හිතූ දේ කරන්නත් ජනතාවට සඟවා වැඩ කරන්නත්, ජනතාවට කරුණු ඉදිරපත් නොකර සිටින්නත් අයිතියක් නෑ. රට පිළිබඳව රටේ බලශක්තීන් ගැන යම් එකඟතාවයක් එනවා නම් මේ පාර්ලිමේන්තුව දැන ගත යුතුයි.
මට මතක විදියට ගිය සතියේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා මෙම ගිවිසුම ඉදිරිපත් කරන බවට. ඒකේ සඳහන් වෙලා තිබෙනවා ඇනවුමක් ලෙස මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා කියලා. නමුත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරලා නෑ. අපේ රටේ බලශක්තිය පිළිබඳව, ගෑස් මිලදී ගැනීමේ අනාගතය පිළිබඳව තනි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් ඒ කියන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල පමණද මේකට මුලුමනින්ම වග කියන්නේ?
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. අපි ඉල්ලන්නේ කතානායකවරයා නියෝගයක් දෙන්න අදාල ඇමතිවරයාට ඒ ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ - මෙතන ප්‍රධාන ප්රශ්නය තිබෙන්නේ මේ ගිවිසුම. ඇයි මේ ගිවිසුම මෙතනට ඉදිරිපත් කරන්නේ නැත්තේ? පාර්ලිමේන්තුවේ දිනෙන් දින අමාත්‍යාංශ ගැන කතා කරනවා. මේවා සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔ්නී. මේක අත්සන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් නම් ඔහුට නියෝගයක් දෙන්න ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. මෙතුමාගේ ඉල්ලීම සාධාරණයි. කොහොමද අපි මේවා විවාදයට ගන්නේ මේවා ඉදිරිපත් කරන්නේ නැතිනම්.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන - මේ කාරණය මීට පෙර ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ විදුලිබල අමාත්‍යවරයා එකඟ වුනා එය සභාවට ඉදිරිපත් කරන්න. යලිත් අපි ඒ ඇමතිතුමාට සඳහන් කරන්නම්. මම ස්තූතිවන්ත වෙනවා මේ කාරණය මතු කිරීම ගැන. ඒත් රනිල් වික්‍රමසිංහ මහතාට මතක් කරන්න ඔ්නී එතුමාගේ කාලයේ නම් මේ කිසිදු සම්ප්‍රධායක්, නීතියක්, රීතියක්, මුදල් බලතල ගැන කිසිවක් අපි අහනකොට පිළිගත්තේ නෑ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් ඒ කාලේ මෙතන ඉදගෙන අපි ඉල්ලන දේවල් දෙන්න බෑ කිව්වා.
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ - මෙතුමා අහන්නේ වෙන ප්‍රශ්නයක්. මෙතන කියන්නේ කැබිනට් එකට දුන්නේ නෑ කියලා. කැබිනට් එකට දුන්නේ නැති නිසා තමයි අපි කියන්නේ ලේකම්තුමාට මේක ගේන්න කියලා.
