බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී පියා මව පුතා ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසිය.
(08) දින උදැසන 11.45 ට පමණ මෙම තිදෙනා දුම්රියේ ගැටි ඇත්තේ රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදිය.
දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇත.
උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා විමට ප්රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පැවසිය.
මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තාද නැතහොත් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිළිබඳව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.
දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් භාරදිමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන ඇත.
දුම්රියේ ගැටි මිය ගිය ශාන්ත කුමාර් රාජ් (40) අයෙකු මස්කෙලිය සමිමලේ ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට ඔහුගේ ජාතික හැදුනුම්පතෙන් වටවල පොලිසිය තහවුරු කරගෙන ඇත.



