මෙරට ජනාධිපතිවරයාගේ සිට නිර්දන පන්තියේ සමාජිකයා දක්වා වන සියලු පාර්භෝගිකයන් ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත පරීක්ෂනාගාරයක් ඉදි කරන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 14 වැනි දිනය සඳහා අද (08දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එසේ නොමැතිව ප්‍රශ්නයක් වූ අවස්ථාවන්හීදී පමණක් විසඳුම් සෙවීම පළක් නොවන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,
කොරෝනා ව්‍යසනයත් සමග සමස්ථ ලෝකයක් අභියෝගයට ලක්වෙලා තිබෙනවා. ඒක ලංකාවෙත් කර්මාන්ත ක්ෂේත්රයටත්, වෙළඳ ක්ෂේත්රයටත්, සමූපකාර ක්ෂේත්රයටත් බලපාලා තියෙනවා. ඔබතුමන්ලා පාර්භොගික අධිකාරිය යටතේ දරණ මතයක් තමයි ටෙස්ටින් ලැබ් හදන්න අවශ්‍ය නෑ කියන එක. මම දන්නේ නෑ ඒ වගේ තද තීරණයක ඉන්න ඇයි කියලා. අද අපිට තිබෙන වැදගත්ම දේ තමයි මේ පාර්භෝගිකයා. මේ රටේ ජනාධිපතිවරයාගේ සිට ගත්තම පහලම නිර්දන පන්තියේ සාමාජිකයා දක්වාම සියලු දෙනා පාරිභෝගිකයෝ. පාර්භෝගිකයා රැක ගන්න නම් ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත පර්ක්ෂනාගාර, දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එකක් තිබෙනවා. ඒත් මේ සේවා සහ භාණ්ඩ කියන දෙක සම්බන්දයෙන්ම ප්‍රතීතනය කරන ලද තවත් ආයතනයක් තිබුණාට පාඩුවක් නෑ. අපි ඊලග පාර ගෑස් ප්‍රශ්නයක් ඇති වුනාම ඒ ගැන සොයන්න යනවාට වඩා දැන්මම ගෑස් වේවා, ආහාර වේවා මේවා ගැන පරීක්ෂණ කරන්න පුලුවන් පර්යේෂනාගාර පද්දතියක් වෙළඳ අමාත්‍යාංශය යටතේ මුදල් වෙන් කරගෙන පටන් ගන්න. ඒ අනුව අපිට පුලුවන් ගෑස් වල ප්‍රමිතිය බලන්න. අපේ ආහාර පාන ගැන ප්‍රමිතිය බලන්න. ඒ වගේම කියන්න ඔ්නී දිස්ත්රීකයක් තුලට අවම මාසික එළවලු පරිභෝජනය, පලතුරු පරිභෝජනයට අදාලව දත්ත පද්දතියක් සකස් කරන්න. ඒක පරිගණකගත කරන්න. ඒ අනුව වෙළඳ අමාත්‍යාංශයටයි කෘෂිකර්ම අමාත්‍යාංශයටයි සහ ඒ හා බැදුනු අනෙකුත් අමාත්‍යාංශ වලට පුලුවන් රටට අවශ්‍ය ප්‍රමාණ පිළිබඳව තීන්දු ගන්න. ඒක ඉතාම වැදගත්. මොකද දත්ත මත තමයි අද තීන්දු ගන්නේ. යනුවෙන්ද සඳහන් කළේය.