මහබැංකු බැඳුම්කර වංචාකරුවන් අත්අඩංගුවට ගන්නා බවට බලය ලබා ගත් වත්මන් ආණ්ඩුව යටතේ එම වංචාකරුවන් නිදැල්ලේ සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 14 වැනි දිනය සඳහා අද (08දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර හැකිනම් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා,
මුදල් ඇමති ගියා ඉන්දියාවට. ඩොලර් බිලියන 1.5ක ණයක් ලබාගෙන ඊට අමතරනව සාක් රටවල් වලින් මිලියන 400ට ස්වප් එකක් ඉල්ලලා. එතුමාට දුන්න උත්තරය මොකක්ද? ලෝක බැංකුවට ගිහින් අනුමැතිය ලබා ගෙන එන්න කියලා. අද මේ රටේ ආර්ථිකය කුඩු කරලා නන්නත්තාර කරලා ඉවරයි මේ ආණ්ඩුව. අවුරුදු දෙකක් තුල ඩොලර් නැතිව මිනිස්සු බඩගින්නේ ඉන්න, අසංවර්ධිත රාජ්‍යන් අතර ප්‍රමුකතම දෙනා අතරට ඇවිල්ලා. බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වෙනකොට විශාල බලාපොරොත්තු ටිකක් දුන්නා. මහින්ද මහත්මයාට බැරි නිසා ගෝඨාභය මහත්මයා ගෙනවා. එතුමාටත් බැරි නිසා කබ්රාල්ව මේකෙන් අයින් කරලා මහබැංකුවට දැම්මා. එතුමාටත් බැරි නිසා බැසිල් රාජපක්ෂ මහතා ගෙනාවා. විශාල බලාපොරොත්තු මැව්වා. ඒ සියල්ල අද පුස්සක් බවට පත්වෙලා තිබෙනවා.
වේල් තුනක් කාපු මිනිස්සුන්ට වේල් දෙකක් කන්න වෙලා තිබෙනවා. දෙවේලක් කාපු මිනිස්සුන්ට එක වේලක් කකා ලෙවකන්න සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මහ බැංකු හොරු අල්ලනවා කියලා ආවේ. දැන් අන්න ඔක්කොම අන්න නිදැල්ලේ. ජනතාවට දරන් උත්තර දෙන්න. මේ පාර්ලිමේන්තුවේ තිබෙන කෘතීම තුනෙන් දෙක මහ පොලවේ නෑ. පුලුවන් නම් ඡන්දය තියන්න. පෙබරවාරි 09 වැනිදාට පළාත් පාලන ආයතන වල කාලය ඉවර වෙනවා. තියන්න ඡන්දය ආණ්ඩ පෙරලනවා අනිවාර්යෙන්ම. කෑ නොගහ තියන්න ඡන්දය. යනුවෙන්ද සඳහන් කළේය.