saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 6389 hours ago

LATEST

මාස්ක් පලඳින්න කීවාට වෙඩි තබා මරා දමලාලු

calendar_today 2021 සැප් 22 - 22:30 remove_red_eye - 1346  

වෙළෙඳ සැල තුල මුඛ ආවරණය පලඳින ලෙස පාරිභෝගිකයාට පැවසීමෙන් ආරවුල ආරම්භ වී ඇති අතර, එහිදී කෙටි ආරවුලකින් පසු ඔහු පිටව ගොස් ඇත.

කොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබුණි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය. කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය.

Read More

ඉන්දියාවේ කැඩිලා හෙල්ත්කෙයාර් සමාගමේ සයිකොව්-ඩී කොවිඩ්-19 මර්දන එන්නතෙහි නිෂ්පාදනය ආරම්භ කරන විට ලබන මාසයේ සිට වයස අවුරුදු 12 හෝ ඊට වැඩි සියලුම දරුවන් එන්නත්කරණයට.

Read More

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි ලෙස ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වුවැයි කියන සැකකරුවන් 10 දෙනෙකු මේ මස 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පොළොන්නරුව දිසා මහේස්ත්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුව හෙට (23) දක්වා කල් දමා ඇත.

Read More

කාම්බෝජ නොරොඩොම් සිහාමෝනි රජු සහ ඔහුගේ මව වන හිටපු රැජින නොරොඩොම් මොනිනාත් සිහානොක් චීනයේ බීජිං නුවරදී ඔවුන්ගේ දෙවැනි කොවිඩ්-19 එන්නත ලබාගත් බව විදෙස් වාර්තා පවසයි.

Read More

පාසල් යළි විවෘත කිරීම යටතේ සෞඛ්‍ය උපදෙස් මත ළමුන් 200ට අඩු පාසල් 5131ක් ලබන මස මැද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ චෝදනා ගොණු කර තිබේ.

Read More

’’වසංගතය හමුවේ කැපකිරීම් කළ ඔස්ට්‍රේලියානුවන්ට මෙය අගෞරවයක්. එම නින්දිත හැසිරීමේ නියැලී සිටි කවුරුත් ලැජ්ජාවට පත් වනු ඇතැයි මා සිතනවා’’ අගමැති ස්කොට් මොරිසන් වොෂිංටන් ඩීසී හිදී වාර්තාකරුවන්ට පැවසීය.

Read More

රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගු අතර ඒ සඳහා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ අදහස් දැක්විය.

Read More

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 92 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් දෙදෙනෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 19 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 71 දෙනෙකු අයත්.

Read More

රජයේ දේපළවලින් නූල් පොටක තරම් හෝ දෙයක් සොරකම් කර ඇති බව ඔප්පුකළහොත් සදහටම දේශපාලනයෙන් ඉවත් වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පසුගිය 20 වනදා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළාගිය මෝටර් රථය සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

Read More

විරකැටිය ගජනායක ප්‍රදේශයේදි වෙඩි තබා 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

කුඩු ව්‍යාපාර, මත්පැන් අලෙවි සැල්, ටෙන්ඩර් යටිමඩි සිදු කරමින් ධනවත් වූ පුද්ගලයන් නැති ප්‍රභූත්වයක් ලබා ගැනීම සඳහා අලි මංකොල්ලයක යෙදෙන බවත් ආණ්ඩුව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයෙන් අලි වංචනිකයන්ගේ ජාවාරම සාධාරනීකරණය කර තිබෙන බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත.

Read More

පාස්කු ප්‍රහාරයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු හය දෙනාත් මොහොමඩ් මුබාරක් ගේ බිරිද ඇතුළු හතර දෙනාත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

Read More

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටී.නටරාජන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.‍ ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ කාලගුණ වෙනස්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහනට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක මූල්‍ය පහසුකමක් වෙනුවෙන් ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ.

Read More

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරිමට කර ඇති ඉල්ලිම් සම්බන්ධයෙන් සලකා බැලිමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රිධානත්වයෙන් යුත් ජිවන වියදම කමිටුව හෙට (23) රැස්විමට නියමිතය.

Read More

“ඩොලර් 3ට දුන්න ඇස්ට්‍රා සෙනිකා ගත්තේ නෑ. ඩොලර් 5ට දුන්න ෆයිසර් ගත්තේ නෑ බංග්ලාදේශයට සයිනොෆාම් දුන්නේ ඩොලර් 10ට අපිට දුන්නේ ඩොලර් 15ට”

Read More

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත. ව්‍යාපෘතිය සඳහා දැනටමත් යුනෙස්කෝ අනුමැතිය ද හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේය.

Read More

කිරිපිටි , ගෑස් හා සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරනවා.

Read More

කොරෝනා වසංගතය හමුවේ රට ආර්ථික වශයෙන් ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. ඒත් බාර් ඇරීම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙත් සුරාසැල් බලපත්‍ර ලාභීනුත් රජයට බදු ගෙවන අය. සංචරණ සීමා යටතේ ඔවුන්ට තිබෙන ගැටලුත් අපි අවබෝධ කරගත යුතුයි . රට තුළ යම් යම් ලිහිල් කිරීම් කෙරෙන කොට ඒ අයටත් සහන දිය යුතුයි

Read More

සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටී.

Read More

වනජීවි හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ථා වලට අනුව 2015 සිට 2020 දක්වා පිළිවෙලින් 202, 279, 256, 319, 407 සහ 321ක් ලෙස අලි මරණ 1,784 සිදුව ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.

Read More

වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

Read More

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවීමේ සිද්ධියක් සම්බන්ධව තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව වහාම සොයා බලා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට උපදෙස් දී තිබේ.

Read More

මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්කිරීමට එරහිව හිටපු ආණ්ඩුකාරවරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සලකා බැලීම ලබන මස 07 සිදුකිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.