ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ආහාර, අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ හා ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය පහසුකමක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍ය එය්. ජයිශංකර් මහතා හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැති වීඩියෝ හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.
මෙයින් ඩොලර් මිලියන 500ක් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉතිරි ඩොලර් බිලියය අත්‍යාවශ්‍ය භාණ්ඩ, ආහාර හා ඖෂධ ලබාගැනීම වෙනුවෙනුත් භාවිත කිරීමට නියමිතය.
ඉන්දියාව විසින් මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක මූල්‍ය පහසුකමක් ලබාදුන් අතර නව ඩොලර් මිලියන 1500 ලැබෙන්නේ එම ණය පහසුකමට අමතරවය.