මිලියන 26ක මත්පෙති රේගුවේදි අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් මිලියන 26 ක් වටිනා මෙතැම්පටමයින් (Methamphetamine ) අඩංගු එක්ස්ටසි (Ecstasy ) නැමැති මත් පෙති තොගයක්, නෙදර්ලන්තයේ සිට ත්‍යාග පාර්සලයක් ලෙස කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද (15දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
ඇද ඇතිරිළි සහ සෙල්ලම් බඩු ලෙස සදහන් කරමින් මෙම ත්‍යාග පාර්සලය යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත එවා තිබේ. මෙම පාර්සලය තුළ තිබූ ඇද ඇතිරිළි තුළ වූ කාඩ්බෝඩ් ඇසුරුම් තුළ කිලෝ ග්රැම් 01 යි ග්රැම් 600 ක් බරැති මෙම මත්ද්‍රව්‍ය පෙති 4,000 ක පමණ ප්‍රමාණය ඉතා සූක්ෂම ලෙස සගවා තිබුණි .
මෙම ත්‍යාග පාර්සලය භාර ගැනීමට කොළඹ , වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණ තිබූ අතර ඔහු ඉදිරිපිට දී මෙම සැක කටයුතු පාර්සලය විවෘත කර පරීක්ෂා කිරීමෙන් පසු මෙම මත් පෙති තොගය සොයාගෙන තිබේ.
ඊට පසුව මෙම පුද්ගලයා රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය වෙත භාර දී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

