මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව පංච මහා අර්බුදවලට මුහුණ දෙන බවත් ඒ පිළිබඳව මුලින්ම අභ්‍යන්තරයේ සංචාදයක් ඇති කරන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. හිරු නාලිකාවේ ප්‍රශ්නෝත්තර වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Q ඔබතුමාට හොඳට අනාවැකි කියන්න පුළුවන්නේ. ඉදිරි මාස කිහිපයේදී මොන වගේ අර්බුදයක් එයිද?
A මාර්තු මාසය වන විට පංච මහා අර්බුදයන් එනවා කියලා මම කියනවා. පංච මහා අර්බුදයන් ගැන මම එළියේ කථා කරන්නෙ නෑ. මම අභ්‍යන්තරයේ සංවාදයක් හදනවා. අභ්‍යන්තර සංවාදයේදී සූදානමක් ඇති නොවුණොත් අපි ඒක එළියේ ඇවිත් කථා කරනවා.
Q ඔබ බයයි වගේ. සුසිල් ප්‍රේමජයන්ත් මහත්තයට වුණා වගේ ඔබතුමාටත් වෙයි කියලා.
A වැරදියි. කිසි සේත්ම නෑ. සමහරු හිතනවා අපි ඉන්නේ අර්බුදයේ උච්ඡස්ථානයේ කිහලා. එහෙම එකක් නෑ. මාර්තු මාසය වෙද්දී අපි අර්බුදයේ උච්ඡස්ථානයට යාවි අර්බුදය විසින් තමයි දේශපාලනයේ දිශානතිය තීරණය කරන්නේ.