ඉන්දියානු රජයේ සහ වත්මන් රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත වතුකරය පුරා ඉදි කල වතු නිවාස දහසක් වතු කම්කරු අයිතියට පත් කිරිම යෞවන කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් බග්ගේ, වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15දා) කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේදි සිදු කෙරිණ.
එක් නිවසක් ඉදි කිරිම සදහා ඉන්දියානු රජයෙන් රු නව ලක්ෂ පනස් දහසක්ද එම නිවාස වල යටිතල පහසුකම් සදහා වත්මන් රජයෙන් රු දෙලක්ෂ පනස්දහස බැගින් නිවාස දහස සදහා රු මිලියන 650 ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
නුවරඑලිය , බදුල්ල , රත්නපුර , කැගල්ල , මාතලේ යන දිස්ත්‍රික්ක වල මෙම වතු නිවාස දහස ඉදි කර අවසන් කර වතු කම්කරු අයිතියට පත් කෙරිණ.
වතුකරයේ ජනතව වෙනුවෙන් තවත් මෙවැනිම නිවාස දහසක් ඉදි කිරිමේ කටයුතු මේ වසරේ මාර්තු මස ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මෙම රැස්විමේදි පැවසිය.
මෙම උත්සවයේදි අදහස් දැක් වු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත් ඔහුන්ගේ ආර්ථික තත්ත්වය ඉහල නැංවිමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බවයි.
වතු කම්කරුවන්ගේ දරුවන්ට ස්වයං රැකියා පුහුණුව ලබාදි ඔවුන්ව තේ කර්මාන්තයේ රැකියාවලින් ඔබ්බට යැමට අවස්ථාව ලබාදි ඇති බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසිය.
