කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් යුද හමුදාව විසින් එන්නත්කරණ මධ්‍යස්ථාන 20ක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ඊයේ (14දා) සිට මෙම එන්නත්කරණ මධ්‍යස්ථාන 20 තුළ අඛණ්ඩව දින 07ක් මෙම එන්නත්කරණය සිදු කරයි.
මේ සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් හි සහයෝගය ලබා දෙන බව යුද හමුදාව ප්‍රකාශ කරයි.
