ජනතා මුදලින් වැටුප් ලබන අය නිසි ලෙස සේවය ඉටු නොකළොත් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටන් හා ගෙම්බන් වී බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
රජයේ අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ආසනයේ අභ්‍යාසලාභි උපාධි පත්වීම්ලාභින් සදහා ස්ථිර පත්විම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
ලබන වැටුපට සාධාරණය ඉටු කිරිම ඔවුන්ගේ යුතුකම හා වගකීම බවද අමාත්‍යවරයා පැවැසීය.
රජයේ අභ්‍යාසලාභී වැඩපිළිවෙල යටතේ රාජ්‍ය සේවයට බදවා ගෙන ඇති උපාධිධාරින් ජනවාරි මස 03 වෙනිදා සිට ස්ථිර කරන බව පසුගිය අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා කීවේය.
ඒ අනුව මේ වන විට දිවයින පුරා අභ්‍යාසලාභි උපාධිධාරින් සදහා ස්ථිර පත්විම් ලබාදීම මේ දිනවල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදුවේ. මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“දේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා.
මේක මගේ තාත්තා මට කියලා දුන්නු දෙයක්. අද මම මේ ඇමති කෙනෙක් විදිහට මේ වරප්‍රසාද ලබන්නේ ජනතාවගේ මුදල් වලින්. මම මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතාවගේ මුදලින්. ඒ නිසා මම නම් මට කළ හැකි උපරිම සේවය රට වෙනුවෙන් කරනවා. හා හැමවිටම කටයුතු කරන්නේ මගේ හෘදසාක්ෂියට එකගවයි. ඔබත් අද සිට ඔය ගන්න වැටුපට සාධාරණය ඉටු කරන්න. හුග දෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. ජනතා සේවය නිසි පරිදි ඉටු වන රාජ්‍ය යාන්ත්‍රණයක් සැකසිම සදහා කැපවෙන්න. ඒක ඔබේ යුතුකමක් හා වගකීමක්. ”