සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පලමු තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
දිවා රාත්රී තරගයෙක් ලෙසින් මෙම තරගය පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙයි. තරග තහනමින් නිදහස් වූ කුසල් මෙන්ඩිස් මෙම තරගයට කැඳවා ඇති අතර ඔහු ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කිරීමට නියමිතය.
මෙම තරගයේදී චාමික ගුණසේකර ශ්රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගත්තේය.
