ශ්රී ලංකාව මේ වන විට මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් ජපානයෙන් ඩොලර් බිලියන 2ක සිට ඩොලර් බිලියන 3.5ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීමට සාකච්ඡා අරම්භ කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම ණය මුදල සහනදායි ණයක් ලෙස ලබාගැනීමට නියමිත අතර එය ජපනයේ මුදල් වන යෙන් වලින් ලබාගැනීමට නියමිතය. එයින් කොටසක් ඩොලර් ලෙස එනම් ස්වැප් පහසුකමක් ලෙස ලබාගැනීමට නියමිතය.
මෙම ණය මුදල ලබාගැනීමෙන් ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීමට වඩාත් හිතකර ලෙස සිදුකර ගැනීමට රජය අපේක්ෂා කරයි.