රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවට ජනාධිපතිවරයා පැවැසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙිම්න ජනපතිවරයා මේ බව පැවැසීය. තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා කීය.
රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබීය.
"මාධ්‍ය සමග තරගයක් නැහැ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්න" ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය.
බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක්වන ලෙස සියලුම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය
