පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා.
සිනෝෆාම් එන්නත් නැවත පිරවීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සමාගම ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
Read Moreපසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්‍රාමික විනිසුරුවරියක වන කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත්කර ඇත.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 72ක් වාර්තා වී තිබේ. මෙම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22දා) තහවුරු කළ මරණ වෙයි.
Read Moreවිවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද දින පෙරවරුවේ සහභාගී විය.
Read Moreදෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝග කඩ කරමින් යාපනය ප්‍රදේශයේ දිලීපන් සැමරුමකට එක්වීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබා දීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර සංවිධාන රැසක් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreඑන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරිණ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන දෙසැම්බර් 04 දා සිට දෙසැම්බර් 23 දා තෙක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඖෂධ නියාමන අධිකාරියේ දත්ත පිළිබද ගැටලූව විසඳා ගන්නා තෙක් ඖෂධ නිෂ්පාදනය ,සැපයුම් හා ඖෂධ ලියාපදිංචිය පිළිබඳ රාජ්‍ය ඇමතිවරයාගේ ග‍්‍රහණයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉවත් කර කැබිනට් සෞඛ්‍ය ඇමතිවරයා යටතට එය පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකාව පිහිටා ඇති තට්ටු තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කරති.
Read Moreඅජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අත්සන් තබා තිබේ. ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත වී ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා.
Read Moreපිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට ඊයේ (22දා) මධ්‍යම රාත්‍රියේ පොල්ලක් රැගෙන කඩාවැදුණු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු නිදාසිටි යාචකයන්ට ඉවක් බවක් නොමැතිව පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.
Read Moreඅභාවප්‍රාප්ත වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (23) සිදුකෙරුණි.
Read Moreමාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබේ. “පිතිකරුවා” යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ යන නාමය ‘batsman’ යන නාමය වෙනුවට භාවිතා කළ යුතු වෙයි.
Read Moreමෙරට ගංගා දූෂණය වීම වැළැක්වීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල 2023 වර්ෂය වන විට අවසන් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
Read Moreනොවැම්බර් 04 දා සිට බලපැවැත්වෙන පරිදි රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට රුසියාව තීරණය කරතිබේ.
Read Moreමෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ ඊයේ දිනයේදි පුද්ගලයින් 228,645 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read More[LONG READS] අමින් ඔහුට අවශ්‍ය ජයග්‍රහණය ලබාගත් නමුත් මුල සිටම එය කළමනාකරණය කිරීමේ අර්බුදයකට මුහුණ දුන්නේය. එය නිසා ඔහුගේ පාලනය සීමා වූයේ දින 104කට පමණි. හමුදාවේ සාමාන්‍ය නිලධාරී බළකායේ ශක්තිය වූ 8000න් අඩක් පමණ ඉතිරිව තිබිණි. ඉතිරි අය මරා දමා හෝ ප්‍රතිරෝධය දක්වා කැරලිකරුවන් සමග එකතු වීම සඳහා ඉවත්ව ගොස් තිබුණි. පක්ෂය තුළ කැරලි ගැසීම් සාමාන්‍ය දෙයක් වී තිබුණි.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ (2020) ප‍්‍රතිඵල සති දෙකකින් පමණ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.
Read Moreවිදේශ ආයෝජකයින් දිරිගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 5ක් දක්වා දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. ආගමන සහ විගමන සංශෝධන පනත් කෙටුම්පත මගින් අදාළ කාලසීමාව දීර්ඝ කිරීමට නියමිත අතර අදාළ සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපතීත්වය දරන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට ඊයේ ඉදිරිපත් කර තිබේ.
Read Moreවයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව කලක් ඉතා ම සමීපව තමන් ඇසුරු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreඅද (23) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 415 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිසුන්ට ඉගැන්විමේ කටයුතු සිදුකෙරෙන ගුරුවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනෙකුගේ පෙරේදා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
Read Moreතමන්ගේ පාදයේ තිබූ ආබාධය ඒලියන්ත වයිට් මහතා හාස්කමකින් සුවය කළ බවත් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරන බවත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමෙරට අර්බුදයක් නිර්මාණය වනවිට ඒ තුළින් මුදල් සූරාකන ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් නිර්මාණය වන බවත්, ඔවුන් දේශපාලනඥයන් සහ ඇමැතිවරුන් සමඟ එක්වී ජනතාවට ලැබිය යුතු සහන අතරමැදින් කොල්ලකමින් සිටින බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (22 දා) පැවසීය.
Read More