ජාතික නිදහස් දින උත්සවයට එක් නොවීමටත්, නිදහස් දිනය වෙනුවෙන් කාදිනල් හිමිපාණන් පවත්වන දිව්‍ය පූජාව නොපැවැත්වීමටත් උන්වහන්සේ තීරණය කර ඇති බව ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසූහ.
සාමාන්‍යයෙන් කාදිනල් හිමිපාණන් පවත්වන නිදහස් දින දිව්‍ය පූජාව බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පවත්වන බවත් එහි බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් උන්වහන්සේ මෙම තීරණය ගෙන ඇති බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.
අදාළ බෝම්බය හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් අහිංසකයන් තලාපෙලා දැමීම හා වදහිංසා පමුණවීමට ගත් ක්‍රියාමාර්ගද මේ සඳහා හේතුවක් වී ඇති බව සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.