තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 08 දෙනෙකුට සහ ක්ෂේත්ර නිලධාරියෙකුට එල්ල වු බඹර ප්රහාරයකින් 09 දෙනෙකු තුවාල ලබා අද (03දා) බගවන්තලාව ප්රාදේශිය රෝහලට ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්ත ඉහල කොටසේ තේ දළු නෙලමින් සිටි පිරිසකට සහ තේ දළු නෙලමින් සිටි පිරිස අධික්ෂණය කරමින් සිටි ක්ෂේත්ර නිලධාරියාට මෙලෙස බඹර ප්රහාරය එල්ල වි ඇත.
තේ වත්තේ ගසක් මත බැඳ තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත් කර සිටින වතු කම්කරු කාන්තාවන් පැවසීය.
