තෙල් මිල පහළට
බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය තරමක පහළ බැසීමක් පෙන්නුම් කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට 0.7කින් එසේත් නොමැතිනම් ඩොලර් සත 61කින් අඩුවී බැරලයක් ඩොලර් 88.86ක් වූ බව රොයිටර්ස් පුවත් සේවය කියයි.
එසේම එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක් ඩොලර් 87.57 ක් වූ අතර එය පෙර දිනට සාපෙක්ෂව ඩොලර් ශත 69 ක හෝ 0.8% කින් අඩු වීමකි.
මේ සඳහා දුර්වල එක්සත් ජනපද වැටුප් ලේඛන දත්ත හේතුවක් වී ඇති බව පෙන්වා දෙන රොයිටර්ස් පුවත් සේවය ඔපෙක් + නිෂ්පාදකයින් සැලසුම් කර ඇති මධ්‍යස්ථ නිමැවුම් හේතුවෙන් මෙම මිල අඩුවීම යටපත් වූ බවද කියයි.
ගෝලීය සැපයුම්දාමයට ඇතිව තිබෙන බලපෑම මෙන්ම සහ නැගෙනහිර යුරෝපයේ සහ මැද පෙරදිග භූ දේශපාලනික ආතතීන් මේ වසරේ මේ දක්වා තෙල් මිල 15% කින් පමණ ඉහල නංවා ඇත.
ඔපෙක් + ලෙස හැඳින්වෙන රුසියාවේ නායකත්වයෙන් යුත් පෙට්‍රෝලියම් අපනයනය කරන රටවල සංවිධානය සහ මිත්‍ර රටවල් සිය නිෂ්පාදනය දිනකට බොරතෙල් බැරල් 400,000 ක මධ්‍යස්ථ අගයක පැවැතුණි. කෙසේ වෙතත් තුන්වන කාර්තුවේදී බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

